ඉදිරි දින 07 ගැන රතු එළියක්..කොළඹ දැඩි රථවාහන තදබදයක්..
සෞඛ්‍ය සේවකයින්ගේ පා ගමනක් හේතුවෙන් කොළඹ - පුරහල අවට දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබෙනවා.
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙද - පරිපූක සහ අතුරු වෛද්‍ය සේවාවන් හි වෘත්තීන් 18ක පිරිසක් වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කරනු ලැබුවේ පෙරේදා (06) දිනයේදීයි.
එම ක්‍රියාමාර්ගයට සමගාමීව අද දිනයේ මෙලෙස පා ගමනක් දියත් කිරීමටයි සෞඛ්‍ය සේවකයින් තීරණයකර ඇත්තේ.
ඒ වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුලු ඉල්ලීම් 07ක් මුල් කරගනිමින් ඒ හේතුවෙන් රෝහල් රැසක සේවාවන්ට ද බාධා එල්ල වීමෙන් රෝගීන් පත්වූයේ දැඩි අපහසුතාවකටයි.
දැනට ක්‍රියාත්මක කර ඇති අඛන්ඩ වැඩවර්ජනයට ප්‍රතිචාර නොදක්වන්නේ නම් ඉදිරි දින හත ඇතුළත අත්‍යවශ්‍ය ප්‍රතිකාර සේවාවලින් ද ඉවත්වන බවට හෙද - පරිපූරක සහ අතුරු වෛද්‍ය වෘත්තිය සමිති අනතුරු අඟවනු ලැබුවා.
කෙසේ වෙතත් පිළිකා, කාන්තා හා ළමා රෝහල්, මධ්‍යම ලේ බැංකුව ඇතුළු ප්‍රධාන රෝහල් හා ආයතන 10ක අත්‍යාවශ්‍ය ප්‍රතිකාර හා සේවා අඛණ්ඩව ක්‍රියාත්මකයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |