පොහොට්ටු දිස්ත්‍රික් නායකයින් සිදුකරන විශේෂ වැඩපිළිවෙළ..

By krishani Aug 29, 2022 05:59 AM GMT
Report

අද (29) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලු දිස්ත්‍රික් නායකයින් කොළඹට කැඳවීමට තීරණය කර තිබෙන අතර ඉදිරි දේශපාලනික කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එම අදාළ කැඳවීම් සිදුකර ඇති බව පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා සඳහන් කළේය.

පක්ෂයේ සියලු දිස්ත්‍රික් මට්ටමේ නායකයින්ට නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයට පැමිණෙන ලෙස දැනුම් දී ඇති බව ඒ මහතා පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join