කොළඹ ජාතික රෝහලෙන් විශේෂ දැනුම් දීමක්..දැඩි අවධානම් තත්ත්වයක්.
මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දී ඇති බරපතළ ආර්ථික අර්බුදයේ හේතුවෙන් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට සිදුවන බලපෑම් දිනෙන් දින උග්‍ර වෙමින් පවතිනවා.
ඊයේ දිනය තුළ දී මෙරට ප්‍රධාන පෙළේ රෝහල් දෙකක් වන පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සහ ගාල්ල කරාපිටිය රෝහලේ සැලසුම්කල ශල්‍යකර්ම තාවකාලිකව අත්හිටුවීමට සිදු වූයේ ද මෙම සෞඛ්‍ය උපකරණ සහ ඖෂධවල ඇති හිගතාවය හේතුවෙන්.
මේ අතර අද දින කොළඹ ජාතික රෝහලේ රසායනාගාර තුළ දෛනිකව සිදු කෙරෙන සාමාන්‍ය පරීක්ෂණ සීමා කරන ලෙස ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය සමින්දි සමරකෝන් රෝහලේ සියලුම අංශ ප්‍රධානීන් වෙත දැනුම් දී තිබෙනවා.
එම ලිපියේ දැක්වෙන්නේ මේ දිනවල පවතින ආර්ථික අර්බුදයේ හේතුවෙන් පරීක්ෂණාගාරවල සිදු කෙරෙන පරීක්ෂණ කට්ටල හිඟවීම හේතුවෙන් මෙලෙස අත්‍යාවශ්‍ය පරීක්ෂණ හැර අනෙකුත් සාමාන්‍ය දෛනික පරීක්ෂණ සීමා කරන ලෙසයි, මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සෞඛ්‍යය වෛද්‍ය සැපයුම් භාරව සිටින රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
පේරාදෙණිය රෝහලේ උද්ගත වූ සිද්ධිය දේශපාලනික සිදුවීමක් බවටත් එම රෝහලේ අධ්‍යක්ෂවරයා දේශපාලන පක්ෂයක ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස කටයුතු කරන බවතටත් ඔහු චෝදනා කළා.
පවතින තත්ත්වය නිසි ආකාරයෙන් අවබෝධ කර නො ගෙන රෝහල්වල දෛනික කටයුතු සිදු කරගෙන යාමේ දී අංශ ප්‍රධානීන් හා එක්ව සාකච්ඡා කොට ගනු ලබන තීරණ දේශපාලනික තීරණ වශයෙන් හැඳින්වීම සම්බන්ධයෙන් වෛද්‍ය ක්ෂේත්‍රයේ බොහෝ දෙනා තුළ මතු ව ඇත්තේ අප්‍රසාදයක්.
එමෙන්ම මෙම චෝදනාව මතු කළ රාජ්‍ය අමාත්‍යවරයා අද වෛද්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධව සිටිමින් ම එම චෝදනාව සිදුකිරීම සම්බන්ධයෙන් ඔවුන් සිය දැඩි අප්‍රසාදය පළ කරනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |