විවාහ මංගල උත්සවයකින් කොරෝනා පොකුරක්..යළි මංගල උත්සව තහනම් කරයි?..

Covid Sri Lanka Healthy Colombo national hospital Omicron virus
By Aruna Jan 24, 2022 07:52 AM GMT
Report

මිනුවන්ගොඩ කමරගොඩ ප්‍රදේශයේ පදිංචි අයියා මලෝ දෙදෙනකුගේ විවාහ මංගල්‍ය උත්සවයෙන් අනතුරුව වැඩිමහල් මනමාල මහතා ඇතුළු 26 දෙනකු කොවිඩ් ආසාදිතයින් ලෙස හදුනා ගෙන තිබෙනවා.

එකම පවුලේ අයියා සහ මල්ලි එකම දිනයේ දී මනාළියන් දෙදෙනකු කැන්දාගෙන පැමිණ ඇත.

සඳලංකාව ප්‍රදේශයේ දේවස්ථානයක විවාහ දෙක සිදුකර ඇති අතර දිවුලපිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක දෙවැනි දවසේ උත්සවය පවත්වා ඇති බව සෞඛ්‍ය ආරංචිමාර්ග පවසයි.

මෙම මංගල උත්සවයට දෙපාර්ශවයේම 350 දෙනකු පමණ සහභාගි වී තිබේ.

එක් මනාලයෙකු ඇතුළු තවත් පස් දෙනකු ආසාදිතයන් බවට හඳුනා ගැනීමෙන් අනතුරුව මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් කමරාගොඩ රෝමානු කතෝලික දේවස්ථාන භූමියේ දී මංගල උත්සවයට සහභාගී වූවන් ගෙන් 28 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය සදහා යොමු කර තිබේ.

එයින් 26 දෙනකු ආසාදිතයන් බවට හඳුනාගෙන ඇත.

කමරාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් රැසක් මේ වන විට නිවෙස් තුල නිරෝධායන සඳහා යොමු කර ඇත .

නිරෝධායනය සඳහා යොමුකර ඇති සමහරක් පිරිස් සෞඛ්‍ය උපදෙස් නොතකමින් කටයුතු කරන බවත් මංගල්‍ය උත්සවයට සහභාගි වූ කිහිප දෙනකු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය සදහා යොමු නොවී ඔවුනට අයත් වෙළඳ සැල් විවෘතව තබා ඇති බවත් සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පැවසීය.

මේහේතුවෙන් ඉදිරියේදී මංගල උත්සව හරයා කොවිඩ් පැතිර යෑම හේතුවෙන් යළි සීමා පැනවීමේ ඉඩකඩක් රටේ විවිධ ප්‍රදේශ වලින් වාර්තාවන තත්ත්වයන් හමුවේ දකින්නට ලැබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now