කොළඹ තනතුරකට අලුත් කෙනෙක්..

Colombo
By Sithumi Jan 19, 2023 04:14 PM GMT
Report

කොළඹ නව දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස පත්කළ කේ. ජී. විජේසිරි මහතා එම ධුරයේ වැඩ භාරගෙන තිබෙනවා.  

ඊයේ (18) දිනයේ නාරාහේන්පිට කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී ඒ මහතා එම ධුරයේ වැඩභාරගෙන ඇතිවිජේසිරි මහතා රාජ්‍ය පරිපාලන සේවයේ වසර 35ක අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්. 

 ඒ මහතා මීට පෙර පුත්තලම දිස්ත්‍රික් ලේකම්වරයා ලෙසත් අනතුරුව මහවැලි රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසත් සේවයේ නිරතවී තිබෙන අතර මීට පෙර කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස කටයුතු කළ ප්‍රදීප් යසරත්න මහතා බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයා ලෙස පත් කිරීමත් සමග පුරප්පාඩු වූ කොළඹ දිස්ත්‍රික් ලේකම් ධුරයට විජේසිරි මහතා පත්කළා.