කොළඹට විදුලියෙන් ක්‍රියාත්මක නව බස් රථ සේවාවක්..

Colombo Sri Lanka
By krishani Aug 23, 2022 03:47 AM GMT
Report

විදුලියෙන් ධාවනය වන ත්‍රිරෝද රථ හා බස් රථ මෙරටට හදුන්වාදීමට සහාය දැක්වීම සදහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන තීරණය කර ඇති අතර එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සමඟ ඊයේ (22) ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඊට අදාළ මුලික සාකච්ඡාවක් එහි පැවැත්විණී.

මෙරට තුළ ධාවනය කරන ලක්ෂ දහයකට වැඩි ත්‍රිරෝද රථ විදුලි බලයෙන් ධාවනය කිරීමට ආරෝපනය කිරීම තුළින් ඉන්ධන ප්‍රශ්නයට පිළියමක් මෙන්ම මගීන්ට පහසු මිලකට ප්‍රවාහනය සලසා දීම මෙහි අරමුණයි.

මෙම වසර තුළ ත්‍රිරෝද රථ 300ක් විදුලි බලයට ආරෝපනය කිරීමට හා ඒ සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳ ද එහි දී අවධානය යොමු වී තිබෙන අතර මේ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන තුනක මුදලක් වෙන්කිරීමට සැලසුම් කර ඇත.

මීට අමතර ව කොළඹ නගරය තුළ විදුලියෙන් ක්‍රියාත්මක බස් රථ සේවාවක් ආරම්භ කිරීමට ද ඊයේ පැවති සාකච්ඡාවේ දී අවධානය යොමු වී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join