ඔබත් දිනපතා රැකියාවට යන කෙනෙක් නම්.. අනිවාර්යයෙන්ම කෝපි බොන්න.. මෙන්ම හේතුව..

Government Employee Healthy Food Recipes Coffee with Kadhal
By Sithumini Jul 16, 2024 04:22 AM GMT
Report


කෝපි කියන්නේ ඇබ්බැහිවෙන සුළු පානයක්. මේක ඉතින් දන්නේ කෝපි වලට ඇබ්බැහි වුණු කෙනෙක්ම තමයි.

පොඩ්ඩක් මහන්සි වෙලා නිදිමතේ ඉන්නකොටනම් කෝපි කියන්නේ අමෘත්තයක්ම තමයි.

ඔන්න ඉතින් මේ කෝපි වල තියන තව හොද ගුණයක් ගැන ජාත්‍යන්තර සමීක්ෂණයකින්ත් හෙළි දරව් වෙලා තියෙනවා. දිනකට පැය හයකට වැඩි කාලයක් අසුන් ගෙන සිටින රැකියාවක් කරන පුද්ගලයෙක්ට දෛනිකව එක් කෝපි කෝප්පයක් හෝ පානය කිරීමෙන් ජීවිත අවදානම අඩුකරගත හැකි බව චීන වෛද්‍ය විද්‍යාලයක් කළ පර්යේෂණයකින් අනාවරණය කරගෙන තිබෙනවා.

ඒ අනුව ඔබ පැය 6කට වැඩි කාලයක් වාඩිවෙලා ඉන්න කෙනෙක්නම් දිනපතා ඔබ කෝපි කෝප්පයක් බොන එක හොද දෙයක්.

පුද්ගලයකු දිනකට පැය හයකට වැඩි කාලයක් අසුන්ගෙන සිටීමෙන් දිගුකාලීනව බෝ නොවන රෝගවලට ගොදුරුවීමේ වැඩි ප්‍රවණතාවක් පවතින අතර කෝපි පානය මගින් සිරුරේ ජෛව රසායනික ප්‍රතික්‍රියා ආශ්‍රිත ගැටලුවල අවදානම අඩු කරන බව පර්යේෂකයින් පෙන්වා දෙනවා.

මෙය හෙළි වී ඇත්තේ අමෙරිකානුවන් 10,000කට වැඩි පිරිසක් යොදාගෙන වසර 13ක් තිස්සේ සිදුකළ පර්යේෂණයකින්.

ඉතින් ඒ වගේම තමයි දිනකට කෝපි කෝප්ප හතරක්වත් පානය කරන අයගේ ඉක්මන් මරණ සිදු වීමේ අවදානම, කවදාවත් කෝපි පානය නොකරන පිරිසට වඩා 64%කින් අඩුයි! වයස අවුරුදු 45ට ආසන්න පුද්ගලයින් තුළ මේ අඩු අවදානම කැපී පේන බව මින් පෙර හෘද රෝග චිකිත්සාව පිළිබඳ යුරෝපීය සංගමය අවුරුදු දහයක් තිස්සේ පුද්ගලයින් 20,000ක් යොදාගෙන කරපු පර්යේෂණයකින් හෙළිවෙලා තියෙනවා.

ඕනම දෙයක් ඕනවට වඩා හොද නෑ කියලා හලා තියෙනවනේ ඉතින් කෝපිත් ඒවගේ මේකෙත් හොද වගේම නරක කියන දෙකම තියෙනවා.

වගේ ම අවාසිදායක පැත්තකුත් තියන බව අමතක කරන්න බෑ.විශේෂයෙන් ම ගැබිනි මව්වරුන්, හෘද රෝගීන්, අක්‍රමවත් හෘද ස්පන්දනයකින් යුතු පුද්ගලයින් වගේ අයට කැෆේන් අහිතකර බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.

ඒ අනුව ඔවුන් කෝපි පානය කිරීම සුදුසු නැහැ කියලා තමයි කියන්නේ. ඒ වගේම ඔයා නිතර නිතර කිරි කෝපි බොනවනම් ඔයත් නිකං කෝපි බොන්නේ නැති, කිරි කෝපි බොන කෙනෙක් නං, මේදය රහිත කිරි පාවිච්චි කරන්න. මේදය නිසා ඇඟට කැලරි වැඩියෙන් ඇතුළු වීම ඔබේ කොලස්ට්‍රෝල් වැඩි කරන්න බලපානවා.