පොල් තෙල් සහ පොල් මිලට ඉදිරි සතියේ වෙනදේ මෙන්න..කොළඹට විශේෂ පණිවුඩයක්..

Sri Lanka Colombo Business Coconut Coconut oil
By Aruna Mar 28, 2022 06:08 AM GMT
Report

උත්සව සමයේ ජනතාවට සහනයක්. එළඹෙන උත්සව සමයේ පාරිභෝගිකයන්ට අවශ්‍ය පොල් සහ පොල්තෙල් සහන මිලකට ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අදහස් කර ඇති බව පොල් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු පවසනවා.

පොල් සංවර්ධන මණ්ඩලයට වසර 50 ක් පිරීම නිමිත්තෙන් හලාවත – කරවිටාගාරය ප්‍රදේශයේ ඊයේ (27) පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව අවධාරණය කළා.

මේ අතර කොළඹ නගරයේ ආහාර පාන පරීක්ෂා කිරීම අප්‍රේල් 1 වැනිදා සිට 16 වැනි දින දක්වා කාලය තුළ සිදු කරන බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි රුවන් විජේමුණි සඳහන් කරයි.

මේ සඳහා මහජන පරීක්ෂකවරුන් 49 දෙනෙකු සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් 6 දෙනෙකු යෙදවීමට කටයුතු යොදා ඇතැයි හෙතෙම පැවසීය.

මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරන වෙළෙඳුන් සම්බන්ධයෙන් ආහාර පනත යටතේ නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද ‌ඔහු කියා සිටියා.

කල් ඉකුත් වූ භාණ්ඩ බාල තත්ත්වයේ භාණ්ඩ සහ මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු භාණ්ඩ වෙළෙඳපළට පැමිණිය හැකි බැවින් ඇසුරුම් කරන ආහාර පාන මිලදී ගැනීමේදී ලේබලය පිළිබඳව වැඩි අවදානයක් යොමු කරන්නැයි වෛද්‍ය විජේමුණි ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා.

කලවම් කරන ලද කුළු බඩු වෙළෙඳපළේ පැවතිය හැකි බැවින් ඒවා මිලදී ගැනීමේදී පැහැය හා සුවඳ පිළිබඳව වැඩි අවදානයක් යොමු කරන්නැයිද ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now