රාජ්‍ය නිළධාරීන්ට තායිලන්තයේ යන්න අවස්ථාවක් මෙන්න.. වැයවෙන වියදම් සියල්ල නොමිලේ?..
                                    
                    Government Of Sri Lanka
                
                                                
                    Thailand
                
                                                
                    Latest Headlines
                
                                                
                    Decision Making
                
                        
        
            
                
                By krishani
            
            
                
                
            
        
    තාවකාලිකව පැවිද්ද සඳහා රාජ්‍ය නිලධාරීන් තායිලන්තය වෙත යොමු කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ බව නිවේදනයක් නිකුත් කරමින් බුද්ධශාසන අමාත්‍යංශය සඳහන් කළේ ය.
මේ සඳහා කැමැත්තක් දක්වන නිලධාරීන්ට ඊට ඉල්ලුම් කළ හැකි වේ.
සම්මුඛ පරීක්ෂණයකින් අනතුරුව තෝරාගනු ලබන රාජ්‍ය නිලධාරීන් සඳහා වැයවන සියලුම වියදම් රජය විසින් දරන බව එම අමාත්‍යංශය සඳහන් කළේ ය.
තායිලන්තය බෞද්ධ රාජ්‍යයක් ලෙස තාවකාලික පැවිද්ද ලබාදීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලයි.
ඒ අනුව ලෝකයේ බොහෝ පිරිස් තායිලන්තය වෙත යොමු වන්නේ තාවකාලික පැවිද්ද ලබාගැනීම සඳහා වේ.
කෙසේ වෙතත්, මෙහි අරමුණ වන්නේ තායිලන්ත රජුගේ ජන්ම දිනය මුලික කරගනිමින් දෙරට අතර පවතින සංස්කෘතික සබඳතා තවත් වැඩි කරගැනීම වේ.
 
                 
                 
                                             
     
        
     
     
     
     
    