පාසල් බෑගයේ බර අඩු කිරීමට නිකුත් කළ චක්‍රලේඛය ක්‍රියාත්මක වන ආකාරය ගැන දැනුම්දීමක්.

Ministry of Education Sri Lankan Schools Education
By Wayomi Mar 03, 2024 07:53 AM GMT
Report

පාසල් බෑගයේ බර අඩු කිරීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛය හෙට(04) සිට බස්නාහිර පළාතේ පාසල්වල ක්‍රියාත්මක කරන බව පළාත් අධ්‍යාපන ලේකම් සිරි‍සෝම ලොකුවිතාන ප්‍රකාශ කරනවා.

ඒ, අනුව පාසල් බෑගයේ බර අඩු කිරීමේ අරමුණින් පොත් කොටස් වශයෙන් රැගෙන ඒම, පන්ති තුළ පොත් තැන්පත් කිරීම ඇතුළු උපදෙස් මාලාවක් සමග චක්‍රලේඛයක් ද නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන ඇත.

එමෙන්ම ඒ, සම්බන්ධයෙන් සිසුන් සහ මව්පියන් දැඩි ප්‍රසාදයක් පළ කර ඇති අතරම පාසල් දරුවන් කොඳුඇට පේළිය ආශ්‍රිත රෝගවලට වැඩි වශයෙන් ගොදුරු වීමට වගකිව යුත්තේ අධ්‍යාපන බලධාරීන් බව අධිකරණ අමාත්‍යවරයා පවසනවා.

මේ අතර බස්නාහිර පළාත් අධ්‍යාපන, ක්‍රීඩා සහ සංස්කෘතික අමාත්‍යාංශය සඳහන් කරන්නේ, පාසල් පෙළපොත් වෙනුවට සුහුරු පන්ති උපකරණ ලබාදීම තුළින් සිසුන් මුහුණ පා ඇති පාසල් පොත් බෑගයේ බර පිළිබඳ ගැටලුවට විසඳුමක් ලබා ගත හැකි බවයි.