මෙන්න ලංකාවේ අලුතෙන්ම විවෘත කරපු දකුණු ආසියාවේ ලොකුම හෝටලේ... (PHOTOS)

Cinema Lead Colombo Tourism Tourist Visa
By Sithumini Oct 16, 2024 03:40 AM GMT
Report


දකුණු ආසියාවේ විශාලතම හෝටල් සංකීර්ණය ශ්‍රී ලංකාවේ Cinnamon Life The City of Dreams හෝටලය ඊයේ විවෘත වුණා.

ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගම ඩොලර් බිලියන 1.3කට වැඩි මුදලක් ආයෝජනය කරමින් ඉදි කරන ලදැයි පවසන මෙම සුඛෝපභෝගී හෝටල ව්‍යාපෘතියට ‍සංචාරකයින්ට නවාතැන්ගැනීමට ඉහළ මට්ටමේ පහසුකම්, ව්‍යාපාරිකයින්ට සම්මන්ත්‍රණ පැවැත්වීමට පහසුකම්, මංගල ප්‍රියසම්භාෂණ හා උත්සව ශාලා ඇතුළු සියලු පහසුකම් වලින් යුතුයි.

හෝටලයටම යාබදව පොදු ජනතාවට විවෘත ඉහළ මට්ටමේ සාප්පු සංකීර්ණයක්ද ඉදිකරමින් පවතින අතර එය ලබන වසරේ විවෘත කිරීමට අපේක්ෂිතයි.

ව්‍යාපාර, විවේකය මෙන්ම විනෝදාස්වාදය සපයන මෙම ස්ථානය Cinnamon Life at City of Dreams Sri Lanka නමින් නම් කර තිබෙන්වා.

කාමර 687කින් සමන්විත Cinnamon Life හි බෝල් රූම්, උත්සව ශාලා හා සම්මන්ත්‍රණ පහසුකම් තුළින් අමුත්තන් 5,000කට අධික ප්‍රමාණයකට පහසුවෙන් සේවාවන් සලසා ගැනීමේ හැකියාව සලසා තිබෙනවා.

 එමෙන්ම ජාත්‍යන්තර සම්මන්ත්‍රණ හා මහා පරිමාණ උත්සව සංවිධානය කිරීමේ අවස්ථාව උදාකර තිබෙනවා සූපවේදීන් 250ක් සමඟින් 1,500කට අධික හෝටල වෘත්තිකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් සේවය කරනවා 

GalleryGalleryGalleryGallery