චොක්ලට් බිස්කට් එකක් ඇතුලෙන් මතු වුණු කවුරුත් නොහිතපු දේ.....

Department of Prisons Sri Lanka Prisons in Sri Lanka Prison
By Sewvandhi Feb 20, 2024 09:43 AM GMT
Report

පුද්ගලයකු විසින් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රදවා සිටි සැකකරුවෙකුට චොක්ලට් බිස්කට් පැකට්ටුවක් රැගෙන යාමේදී අදාල පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ චොක්ලට් බිස්කට් පැකට්ටුවේ සියලුම බිස්කට් තුළ සූක්ෂම ආකාරයෙන් දුම්කොළ කැබලි සගවා තිබියදී සොයා ගත් බවයි, පොලිසිය පැවසුවේ.

බන්ධනාගාර කොමසාරිස්වරයා වැඩිදුරටත් සදහන් කළේ, මෙම දුම්කොළ රැගෙන  ආ පුද්ගලයා සහ දුම්කොළ ඉදිරි නීතිමය කටයුතු සඳහා බොරැල්ල පොලිසියට භාරදුන් බවයි.