දුම්රියෙන් වැඩට යන්න ආ දෙදරු මව දුම්රියේ ගැටී ජිවිතක්ෂයට

Sri Lanka Sri Lanka Railways Department of Railways
By Sewvandhi Feb 18, 2023 01:44 PM GMT
Report

වාද්දුව පොලිසිය සදහන් කරන්නේ, පෞද්ගලික ආයතනයක සේවයට යාම සදහා දුම්රියට ගොඩවීමට පැමිණි දෙදරු මවක අද උදෑසන දුමිරිය එන්ජිමක ගැටී මියගොස් ඇති බවයි.

මෙසේ මියගොස් ඇත්තේ මහ වස්කඩුව, සිරිල් මාවතේ පදිංචිව සීටී සමරවීර මුදලිගේ චින්තා ප්‍රියදර්ශනී නමැති 36 හැවිරිදි දෙදරු මවක බව සදහන් වනවා

ඇය අද උදෑසන 6.03 ට නැවතුම්පොළ නොම්මර එක දුම්රිය ස්ථානයට ළගාවන මරදාන බලා ධාවනය වන දුම්රියෙන් කොළඹ දෙසට ගමන් කිරීමට පැමිණ ඇති අතර විරුද්ධ මංතීරුවෙන් කොළඹ දෙසට ධාවනයවූ අංක 940 දරණ දුම්රිය එන්ජිමේ ගැටී එම ස්ථානයේම මියගොස් ඇතැයි දුම්රිය බළධාරියෙක් පැවසීය .

එම ස්ථානයට පවුලේ සාමාජිකයන් පැමිණ දේහය හදුනාගෙන තිබු අතර, වාද්දුව පොලිසිය පරීක්ෂණ පවත්වති .


    සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now