මෙරට ඔන්ලයින් ණය දෙන ආයතනයක් වටලා චීන්නු 6ක් කොටු කරගනී.
CID - Sri Lanka Police
Sri Lanka Police
By Wayomi
දෙහිවල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ඔන්ලයින් ණය ලබාදීමේ ආයතනයක් වටලා තිබෙනවා.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් පුද්ගලයන් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඒ, අතර චීන ජාතිකයින් පස්දෙනෙකු ද සිටින අතර එහි තිබූ පරිගණක 21 ක් සහ ජංගම දුරකථන 49 ක්ද එම කොට්ඨාසය භාරයට ගෙන තිබෙනවා.
මේ සමඟම පොලිසිය ජනතාවට දැනුම් දෙන්නේ, මෙවැනි ඔන්ලයින් ණය ජාවාරම් සම්බන්ධව පැමිණිලි ඇත්නම් ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට ලබාදෙන ලෙසයි.