පුද්ගලයින් 133 දෙනෙක් සමග චීන ගුවන් යානයක් කඩා වැටේ..!

By Sewvandhi Mar 21, 2022 09:03 AM GMT
Sewvandhi

Sewvandhi

in චීනය
Report

පුද්ගලයන් 133 දෙනෙකු රැගත් China East ගුවන් සේවයට අයත් බෝයිං 737 ගුවන් යානයක් ගුවැන්ෂි පළාතේදී කඩා වැටී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

කෙසේවෙතත් මෙම අනතුරින් මේ වන විට තුවාල ලබා ඇති සංඛ්‍යාව හෝ මරණයට පත්ව ඇති සංඛ්‍යාව මේ වන තෙක් තහවුරු කර නොමැති බවයි චීන CCTV රූපවාහිනී සේවාව ප්‍රකාශ කළේ.

බෝයිං 737 (Boeing 737) වර්ගයේ මෙම යානය ග්වාන්සි (Guangxi) ප්‍රදේශයේ වූසූ (Wuzhou) නගරයට ආසන්න ගම්බද ප්‍රදේශයකට කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.

CCTV රූපවාහිනී සේවාව පැවසුවේ අදාළ ගුවන් යානය අනතුරට ලක්වීමට හේතුව එම ප්‍රදේශයේ පැතිර ගිය ලැව් ගින්නක් හේතුවෙන් මතු වූ අධික දුමාරය විය හැකි බවට යි.

මේ වනවිටත් අනතුර සිදු වූ ස්ථානයට ගලවා ගැනීමේ කණ්ඩායම් යොමු කර ඇති බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now