චීනය දේශසීමාවන් දෙකක් ආක්‍රමණය කරයි.- ජනාවාසකරණ කටයුතු ඉක්මන්වෙයි. - (PHOTOS)

China India
By Wayomi Mar 04, 2024 05:21 AM GMT
Wayomi

Wayomi

in චීනය
Report

භූතාන හා ටිබෙට් දේශසීමාවේ නව ආදර්ශ ගම්මාන පිහිටුවමින් ජනාවාසකරණයට චීනය කටයුතු කිරීම පැහැදිලි අනතුරක් බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

ඒ, අනුව ඉන්දියාවේ අරුණාචල් ප්‍රදේශයටත්, භූතාන හා ටිබෙට් දේශසීමාවන් හරහාත් අතර ප්‍රදේශයේ චීනය කුඩා කණ්ඩායම් වශයෙන් ජනතාව පදිංචි කිරීමට පටන් ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් එලෙස පදිංචි කරන්නන් සිවිල් වැසියන් ද එසේත් නැතහොත් හමුදාකණ්ඩ ද යන්න තවමත් අපැහැදිලි බවයි විදෙස් වාර්තා පවසන්නේ.

පසුගිය වසරේ ටිබෙට් පාලනය විසින් දේශසීමාවේ වෙනත් ප්‍රදේශ වලපදිංචි වන්නන් දිරිගන්වමින් යුවාන් 12800 සිට මුදල් ප්‍රදානයන් ලබා දී ඇත.

මේ අතර චීනය දැනටමත් ලෝහිත් නිම්නය හා ලඩාක් ආසන්නයේ ජනාවාසකරණය අරඹා ඇති අතර, මෙතෙක් ජනාවාසකරණයට ලක්ව නොතිබූ දේශසීමා ආශ්‍රිත ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනයටද කටයුතු කරමින් සිටින බව සඳහන්.

භූතානය තුල පිහිටි Xiaokang ගම්මානයේ චීන පවුල් 18ක් පදිංචි කර ඇති අතර, පසුගිය දෙසැම්බර් 28වනදා ඔවුන් එම ප්‍රදේශයට පිළගැනීම උත්සවාකාරයෙන් සිදුකෙරුණේ චීන රජයේ මැදිහත්වීමෙන්.

එමෙන්ම 2007 වසරේ ජල විදුලිය පවා නොමැතිව නිවාස දෙකකට පමණක් සීමා වී තිබූ Gyalaphug නම් දේශසීමා ප්‍රදේශය 2021 වසර අවසානය වන විට ආදර්ශ ගම්මානයක් බවට පත් කරමින් පුද්ගලයන් පදිංචි කිරීමට චීන රජය පියවර ගෙන ගැනුනා.

කෙසේ වෙතත් විදෙස් විචාරකයන් අනතුරු අඟවන්නේ චීනයේ මෙම දේශසීමා භූමි ජනාවාසකරණ වැඩපිළිවෙළ අනාගත දේශසීමා ගැටලු වලදී වාසි සහගත ලෙස භාවිත කිරීමේ මුලෝපායක් විය හැකි බවයි.      


GalleryGalleryGalleryGalleryGallery