ලෝකයම කළඹමින් ආන්දෝලනාත්මක සිතියමක් චීනයෙන්.

China
By krishani Sep 01, 2023 06:39 PM GMT
krishani

krishani

in චීනය
Report

දකුණු චීන මුහුදේ මතභේදකාරී දිවයින් කිහිපයක් ඇතුළුව 80%ක ප්‍රදේශ තමන් සතුව ඇති බවට සඳහන් නව සිතියමක් චීනය විසින් හඳුන්වා දී තිබෙනවා.

එමගින් සම්පත් බහුල ස්පාට්ලි සහ පාර්සල් යන දිවයින් ද නිත්‍යානුකුලව චීනයට අයත් බව පෙන්වා දී ඇත.

ඒ සම්බන්ධයෙන් දකුණු චීන මුහුදේ සිය අයිතිය කියාපාන රටවල් රැසක්ම විරෝධය දක්වා ඇති බව වාර්තා වේ.

වියට්නාමය මෙම සිතියම අවලංගු සිතියමක් වශයෙන් හඳුන්වාදෙන අතර චීනය එළිදක්වා ඇති දකුණු චීන මුහුදේ නව සිතියම වියට්නාමයේ ස්වෛරී සාගර අයිතිය උල්ලංඝනය කරන බව සඳහන් කළේ ය.

එමෙන්ම පිලිපීනය, තායිවානය සහ මැලේසියාව ද චීනයේ නව සිතියම ප්‍රතික්ෂේප කරන බව වාර්තා වේ.

විශේෂයෙන් අග්නිදිග ආසියාතික රටවල් කිහිපයක මුහුදු සීමාවට අයත් දූපත් සඳහා ද චීනය සිය අයිතිය එහි සඳහන් කර ඇත.

මේ අතර එම සිතියමට අනුව ඉන්දියාවේ අරුනාචල් ප්‍රාන්තයට අයත් ප්‍රදේශයක් ද චීනය පාලනය යටතේ පවතින බවට දක්වා ඇති බව ඉන්දීය බලධාරීන් ප්‍රකාශ කර ඇත.