මෙරට පාසල් සිසුන්ට චීනයෙන් සුවිශේෂි ප්‍රදානයක්...

Ministry of Education A D Susil Premajayantha China Sri Lankan Schools Education
By Sithumini Aug 09, 2024 05:01 AM GMT
Report


අධ්‍යාපන ක්ෂේත්‍රය ඩිජිටල්කරණය චීනයෙන් අමරිකානු ඩොලර් මිලියන 20ක ප්‍රදානයක් හිමිව තිබෙනවා.

අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඩිජිටල්කරණය යනු පාසලේ කළුලෑල්ල වෙනුවට ‘ස්මාර්ට් බෝඩ් හෙවත් සුහුරු පුවරු ලබා දීම නොවන බවත් එයට ඊට වඩා බෙහෙවින් පුළුල් වූ අර්ථයක් හා දැක්මක් සහිත ක්‍රියාවලියක් බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවා.

පාසල් ඩිජිටල්කරණ ක්‍රියාවලිය පිළිබඳ අධ්‍යාපන නිලධාරීන් දැනුම්වත් කිරීම වෙනුවෙන් පැවති වැඩසටහනකට සහභාගි වෙමින් ඒ මහතා මේ බව පැවසුවා.

මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙරට සාමාන්‍ය අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 20ක ප්‍රදානයක් චීන රජයෙන් තමන්ගේ මැදිහත් විමෙන් මෙරටට ලැබී ඇති බවයි.

ඒ අනුව නව අධ්‍යාපන පරිවර්තන ක්‍රියාදාමයට සමගාමී ව 2025 වර්ෂයේ ජනවාරි මස සිට මෙම ඩිජිටල්කරණ ක්‍රියාවලියේ පළමු අදියර ක්‍රියාත්මක කිරීම සඳහා චීන රජයෙන් සුහුරු පුවරු 1000ක් ලබා දෙන අතර මෙරට පාසල් 500ක් ආවරණය කරගැනීමට එමගින් අවස්ථාව ලැබෙන බව ද අමාත්‍යවරයා පැවසුවා.

ඊට අමතර ව සුහුරු පුවරු 1000ක් ලබාගැනීම සඳහා අවශ්‍ය වන මුදල් ප්‍රතිපාදන විදුලි සන්දේශන නියාමන කොමිසමෙන් ලබා දෙන බවත් පැවසූ අමාත්‍යවරයා අවශ්‍ය යටිතල පහසුකම් ක්‍රමානුකූල ව සකස් කෙරෙමින් පවතින බවත් විදේශීය ප්‍රදානයක් වශයෙන් හිමි වන භෞතික සම්පත් අදියරෙන් අදියර ලබාගනිමින් ප්‍රමාද නොවී අඛණ්ඩ ව ඉදිරියට යා යුතු ව ඇති බවත් සඳහන් කළා.