චීනය ලංකාවට සහය දීමට යයි - ණය ගැන චීන ස්ථාවරය මෙන්න

Ranil Wickremesinghe Sri Lanka Economic Crisis Sri Lanka IMF Sri Lanka China Ship In Sri Lanka
By Sewvandhi Sep 03, 2022 03:43 AM GMT
Report

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීමට අඛණ්ඩව සහාය ලබාදෙන බව චීනය පවසයි. චීනය ප්‍රකාශය කර ඇත්තේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති වත්මන් දුෂ්කරතාවයට සහ ණය බර ලිහිල් කිරීමට මෙන්ම තිරසාර සංවර්ධනයක් උදාකර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට අඛණ්ඩය සහය ලබා දෙන බවය.

චීන විදේශ අමාත්‍යාංශය මේ බව ප්‍රකාශ කර ඇත. ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවට ධනාත්මකව උපකාර කිරීමට අදාළ රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමග කටයුතු කිරීමට සූදානම් බවය.

මේ අතර ,ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව එළඹි කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම මූල්‍ය ප්‍රතිපත්තිවල තියුණු වෙනසක් පෙන්නුම් කරන සංඥාවක් බව ජාත්‍යන්තර ෆිච් රේටින්ස් ආයතනය ප්‍රකාශ කළා.

එමගින් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති, විනිමය අනුපාත නම්‍යශීලීත්වය මෙන්ම මහ බැංකුවට වැඩි අධිකාරියක් ලබා දීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ දේශපාලන ස්ථාවරත්වය මෙම වෙනස්කම් ක්‍රියාත්මක කිරීම සඳහා අතිශය වැදගත් වන බවයි ඔවුන් සඳහන් කරන්නේ. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW