චීනයෙන් ලංකාවට “හදිසි මානුෂීය ආධාර”... ලැබෙන දේවල් මෙන්න.(PHOTOS) .

G. L. Peiris Sri Lankan Peoples
By Aruna Apr 22, 2022 04:42 AM GMT
Report

චීනය විසින් ශ්‍රී ලංකාවට RMB 200 (ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 31) ක “හදිසි මානුෂීය ආධාරයක්” ලබා දීමට පොරොන්දු වී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය පැවසුවේ, චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා නියෝජිතායතනය (CIDCA) ශ්‍රී ලංකාවට RMB මිලියන 200 ක හදිසි මානුෂීය ආධාරයක් ලබා දීමට පොරොන්දු වී ඇති බවයි.

ඒ සඳහා මීට පෙර ප්‍රකාශයට පත් කළ ටොන් 2000, ඖෂධ, නිෂ්පාදන ද්‍රව්‍ය සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සමඟ සහල් ටොන් 5,000ක් ඇතුළත් වනවා.

තවද, යුනාන් පළාත විසින් ශ්‍රී ලංකාවට RMB මිලියන 1.5 ක ආහාර පැකේජ පරිත්‍යාග කරන බව නිවේදනය කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ (21) විදේශ අමාත්‍යාංශයේ දී චීන තානාපති Qi Zhenhong හමුවූ අවස්ථාවේදී මෙම ආධාර ප්‍රකාශයට පත් කළ බව විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.

චීනයෙන් ලංකාවට “හදිසි මානුෂීය ආධාර”... ලැබෙන දේවල් මෙන්න.(PHOTOS) . | China And Sri Lanka

චීනයෙන් ලංකාවට “හදිසි මානුෂීය ආධාර”... ලැබෙන දේවල් මෙන්න.(PHOTOS) . | China And Sri Lanka

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery