චීනය ලංකාව වෙනුවෙන් කරන්න යන දේ මෙන්න..රටටම සුබ ආරංචියක්..

Sri Lanka
By Aruna Apr 21, 2022 11:38 PM GMT
Report

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චැන්ග්හොන්ග් අතර හමුවක් ඊයේ (21) පැවැත්වුණා. ඒ විදේශ කටයුතු අමාත්‍යංශයේදීයි.

මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ උද්ගතවෙමින් පවතින තත්ත්වය පිළිබඳ චීන තානාපති කාර්යාලය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව පැවැසූ අතර හැකි සෑම ආකාරයකින්ම චීන රජය ශ්‍රී ලංකාව වෙත සහාය ලබා දෙන බව චීන තානාපති චී චැන්ග්හොන්ග් මහතා සහතික වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගත කිරීම මෙන්ම මූල්‍ය ආධාර සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදු කෙරෙමින් පවතින සාකච්ඡා ඇතුළුව, වත්මන් තත්ත්වය කඩිනමින් මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ගනු ලැබූ පියවර පිළිබඳව ද මෙහිදී තානාපතිවරයා දැනුවත් කර ඇත.

සහල් – ඖෂධ ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මානුෂීය ආධාර ලෙස ශ්‍රී ලංකාවට සපයන බව චී චෙන්හොන්ග් සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now