අමෙරිකාවෙන් චීනයට අනතුරු ඇඟවීමක්..ලංකාවටත් රතු එළියක්..?

United States of America Pakistan China Iran China Ship In Sri Lanka
By Aruna Apr 27, 2024 03:28 AM GMT
Report

චීනය විසින් යුක්ක්‍රේන ගැටුම සඳහා රුසියාවට අනුබල දීම නතර නොකළහොත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් අනතුරු අඟවා තිබෙනවා.

සීතල යුද්ධයෙන් පසු යුරෝපීය ආරක්ෂාවට දැවැන්තම තර්ජනය මෙම සහයෝගීතාව බව ඔහු පවසා ඇති බවයි, විදෙස් වාර්තා සඳහන් කළේ.

අමෙරිකාව විසින් චීනයට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග මොනවාදැයි මේවනතෙක් ප්‍රකාශ කර නොමැති බව ද වාර්තා වේ.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් අවධාරණය කර ඇත්තේ, ඊශ්‍රායලය සමග ඇති ගැටුම තවදුරටත් උත්සන්න කිරීමට එරෙහිව ඉරානය සමග ඇති සබඳතාවය යොදා ගනිමින් චීනය කටයුතු කරමින් සිටින බවයි.

මෙම තත්ත්වය හමුවේ අමෙරිකාව විසින් චීනයට අයත් TikTok යෙදුම විකිණීමට හෝ අමෙරිකාවේ තහනම් කිරීමට අවශ්‍ය පියවර ගැනීමටද නියමිත බවයි, විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර පසුගිය දා ඉරාන ජනාධිපතිවරයා ලංකාව, පාකිස්ථානය යන රට වලට පැමිණීම සම්බන්ධයෙන් ද දැඩි විමසිල්ලෙන් පසු වුණා.