ආසියාවේ ප්‍රබලයෙකුගේ ජනගහන වර්ධනය අඩු වෙයි..

China
By krishani Nov 28, 2022 01:38 AM GMT
krishani

krishani

in චීනය
Report

චීනය විසින් නිකුත් කළ ජන සංඛ්‍යාලේඛනවලට අනුව 2021 වසරේ දී එහි පළාත්වලින් තුනෙන් එකක පමණ ජනගහන වර්ධනයේ කැපී පෙනෙන ලෙස අඩු වීමක් සිදු වී ඇත.

එම පළාත් 13 අතරට ෂැංහයි, ජියැංසු සහ ටියැන්ජින් යන ධනවත් පළාත් ද අයත්වීම විශේෂත්වයක් වේ.

හෙයිලොන්ජියන් පළාතේ, පසුගිය වසරේ පුද්ගලයින් 1,000කට උපත් 3.59ක් වාර්තා වී ඇත.එය එරට පළාතකින් වාර්තා වූ ඇති අඩුම උපත් ප්‍රතිශතයයි.

නිල දත්තවලට අනුව පසුගිය වසරේ චීනයේ ජනගහනය 480,000 කින් වර්ධනය වී ඇත.එය 1962 සිට එරට තුළ වාර්තා වී ඇති අවම ජනගහනය වර්ධනය වේ.

එය 2020 දී වාර්තා වූ මිලියන 2.04 ජනගහන වර්ධනය කැපී පෙනන ලෙස පහත බැසීමක් වේ.

2021 දී ළදරුවන් මිලියන 10.62 බිහි කර ඇති අතර එය 2020ට සාපේක්ෂව එය සියයට 11.5 ක අඩුවීමකී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join