ජංගම දුරකථන භාවිතා කරන දරුවන් ගැන අනතුරු ඇඟවීමක්..

iPhone Ministry of Health Sri Lanka Smart Phones Education
By Aruna May 12, 2024 04:36 AM GMT
Report

දරුවන් ජංගම දුරකථනවලට ඇබ්බැහි වීම නිසා විශාදය වැනි රෝගාබාධවලට ගොදුරුවීමේ වැඩි අවදානමක් ඇතැයි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ විශේෂඥ වෛද්‍ය රූමි රූබන් මහතා ප්‍රධාන පුවත් පතකට පවසනවා.

මෙම තත්ත්වය තුළ දරුවන්ගේ නිර්මාණාත්මක හැකියාවන් අඩුවන බව ද විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කළේ ය.

මනෝ විශේෂඥ වෛද්‍ය රූමි රූබන් මහතා වැඩිදුරටත් මෙසේ ද කියා සිටියා.

දරුවන් ජංගම දුරකථනයට ඇබ්බැහි වීම නිසා ඔවුන්ට පාඩම් කරන්න තියෙන ඉඩ, සෙල්ලම් කරන්න තියෙන ඉඩ යාළුවෝ ඇසුරු කරන්න තියෙන ඉඩ, එදිනෙදා ජීවිතය ගත කරන්න තියෙන ඉඩ අහිමි වෙලා ගිහින්.

මේ තත්ත්වයන් තුළ අද සමහර දරුවන්ට ජංගම දුරකථනය ද නැතිවම බැරිව ගිහින්.

ඔවුන්ට ජංගම දුරකථනය ලබානොදුන්නාම තරහ වෙන්න පුළුවන්.

අම්මලාව හතුරෝ වගේ පේන්න පුළුවන්. විශාදය වගේ රෝගවලට භාජනය වෙන්න පුළුවන්.

විශේෂයෙන්ම මේක මොළයට බලපාලා දරුවන්ගේ නිර්මාණාත්මක හැකියාව, පරිකල්පන හැකියාව, සිතීමේ හැකියාව අඩු වෙනවා.

ජංගම දුරකථනවලට ඇබ්බැහි වුණු දරුවන්ගේ දෙමාපියන් කරන චෝදනාවක් තමයි ගුරුවරු සියලුම නෝට් එවන්නේ ජංගම දුරකථනයට කියන කාරණාව.

මේකත් විශාල ප්‍රශ්නයක් කියලා ඔවුන් කියනවා.

Sri Lanka Parliamentary Election 2024

  • NPP 6863186 | 159 Seats
    Jathika Jana Balawegaya
    61.56%
  • SJB 1968716 | 40 Seats
    Samagi Jana Balawegaya
    17.66%
  • NDF 500835 | 5 Seats
    New Democratic Front
    4.49%
  • SLPP 350429 | 3 Seats
    Sri Lanka Podujana Peramuna
    3.14%
  • OTHERS 1464840 | 18 Seats
    All Other Parties
    13.14%