මෙරට දරුවන් සම්බන්ධයෙන් දැඩි අවධාණයෙන් සිටින්න..වෛද්‍යවරුන්ගෙන් දැනුම්දීමක්..

Colombo Ministry of Health Sri Lanka TN Weather Weather National Health Service
By Aruna Aug 06, 2023 02:55 AM GMT
Report

 ‍පවතින වියළි කාළගුණ තත්ත්වයත් සමග ළමුන් අතර රෝග කිහිපයක් පැතිර යමින් පවතින බව වෛද්‍යවරු අවධාරණය කර සිටිනවා.

මේ අනුව, විජලනය වැනි රෝගී තත්ත්වයන් මේ දිනවල බහුලව දක්නට ලැබෙන බවයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කරන්නේ.

එම නිසා ළමුන්ට වැඩිපුර දියර ආහාර පානය කිරීමට ලබාදිය යුතු බවයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

වියළි කාලගුණ තත්ත්වයත් සමඟ පාචනය වැනි රෝග ද ළමුන් අතර පැතිර යා හැකි බව වෛද්‍ය දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.