පාසලක සිසුන් සහ දෙමාපියන් මාරාන්තික උපවාසයක - (PHOTOS)

Ministry of Education Sri Lankan Schools Education School Incident Latest Headlines
By Sewvandhi Feb 22, 2024 10:36 AM GMT
Report

වැල්ලවාය අධ්‍යාපන කලාපයට අයත් කුඩාඔය මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ දරුවන් සහ දෙමාපියන් මේ වන විට විද්‍යාලය ඉදිරිපිට මාරන්තික උපවාසයක නිරත වෙමින් සිටී.

අද උදෑසන මෙම උපවාසය ආරම්භ වූ අතර මේ වන විටත් එම උපවාසය සිදු කරමින් පවතී.

පසුගිය වසරේ දී කුඩාඔය විද්‍යාලයේ ප්‍රාදේශීය අංශයට පළමු ශ්‍රේණිය සදහා පාසල් දරුවන් බදවාගෙන ඇති අතර එම දරුවන් පාසලේ ඉගෙනුම ලබමින් සිටියේ දී පාසලේ ප්‍රාථමික අංශය වසා දැමීමට බලධාරීන් කටයුතු කරන බව දෙමාපියන් පවසති.

එනම් සිසු සිසුවියන් තිස් දෙදෙනකු ඉගෙනුම ලබන මෙම ප්‍රාථමික අංශයේ සිටි එකම ගුරුවරියද මේ වන විට පාසලෙන් ඉවත් කර ඇති අතර එම නිසා පාසල් දරුවන් ගෙ අධ්‍යාපන කටයුතු සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇත.

දෙමාපියන් සදහන් කරන්නේ, මෙම විද්‍යාලයේ ප්‍රාථමික අංශය වසා දැමුව හොත් මෙම දෙමාපියන් කිලෝමීටර් ගනනක් දුරට වෙනත් පාසලක් සොයා යෑමට සිදු වන බවයි.

දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදු කරගෙන යාමට කුඩාඔය විද්‍යාලයේ ප්‍රාථමික අංශය නැවත ලබා දෙන ලෙස උපවාසයේ නිරත දෙමාපියන් සහ දරුවන් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර සිටී.

GalleryGalleryGalleryGallery