රෝගයක් පිළිබඳව විශේෂ දැනුවත් කිරිමක් - මේ ගැනත් දැනුවත් ද?.

Cancer Ministry of Health Sri Lanka Latest Headlines
By krishani Feb 14, 2024 01:48 PM GMT
Report

පෙබරවාරි 15ට යෙදෙන ළමා පිළිකා දිනය හා සමගාමී ව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් මාධ්‍ය හමුවක් කැඳවා තිබුණේ ය.

රෝගයක් පිළිබඳව විශේෂ දැනුවත් කිරිමක් - මේ ගැනත් දැනුවත් ද?. | Childhood Cancer

ළමා පිළිකා 2021 වර්ෂයේ දී පිරිමි දරුවන් 578ක් සහ ගැහැණු දරුවන් 454ක් වාර්තා වී ඇති බව එහි දී අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා සඳහන් කළේ ය.

එමෙන්ම, වසරකට පිළිකා රෝගී දරුවන් 250 - 300 අතර ප්‍රමාණයක් මිය යන බව මහරගම අපේක්ෂා රෝහලේ ළමා පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංජීව ගුණසේකර පැවසීය.

පිළිකා සහිත දරුවන් මුල් අවස්ථාවේ දී ම අඳුනා ගැනීම ඉතා වැදගත් බව හා නිසි ප්‍රතිකාර ලබාදීම ද වැදගත් බව ඒ මහතා එහිදී අවධාරණය කළේ ය.

දරුවන් අතර බහුල ව වාර්තා වන පිළිකා වර්ගය ලේ පිළිකාව බව ද ඔහු සඳහන් කළේ ය.

තත්ත්වය තීරණාත්මකයි.. කොයි කාලේ වෙනකම් ද?. මේ ගැනත් නිරන්තර අවධානයෙන් පසුවෙන්න..

තත්ත්වය තීරණාත්මකයි.. කොයි කාලේ වෙනකම් ද?. මේ ගැනත් නිරන්තර අවධානයෙන් පසුවෙන්න..


වැඩිහිටියන්ට පිළිකා වැලඳීම සඳහා ප්‍රධාන වශයෙන් දුම්පානය කිරීම සහ බුලත් විට කෑම හේතු වන නමුත් ළමා පිළිකා සඳහා එවැනි නිශ්චිත හේතුවක් හඳුනාගෙන නොමැති බව ද ඔහු කියා සිටියේ ය.

කෙසේ වෙතත්, වසරකට පිළිකා රෝගී දරුවන් වාර්තා වීම 1,000 සිට 1,200 දක්වා වන බව ද ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ය.