ලංකාවේ - බෝට්ටුවේ සිදු වූ හදිසි දරු ප්‍රසූතිය.

Jaffna Pregnancy Birthday
By Wayomi Apr 21, 2024 11:57 AM GMT
Report

බෝට්ටුවකින් රෝහලට යමින් සිටි ගැබිනි මවක් බෝට්ටුවේදීම දරු ප්‍රසූතිය සිදුකළ පුවතක් වාර්තා වෙනවා.

ඒ, යාපනය ප්‍රදේශයෙන්.

ප්‍රසව වේදනා ඇති වූ අදාළ ගැබිනි මව නාගදීපය අසල තොටුපළේදී දරුවා ප්‍රසූත කර ඇති අතර ඇය ප්‍රථමයෙන් නාගදීප මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුරුව වෛද්‍යවරුන්ගේ උපදෙස් මත යාපනය ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇති අතර යාපනය ශික්ෂණ රෝහල වෙත යමින් සිටියදී ගැබිනි මව මෙම සිදුවීමට මුහුණ දී ඇත.

එහිදී ඇයගේ ප්‍රසව වේදනාත් සමඟ බෝට්ටුවේ සිටි මගීන් සියලුම පිරිමින් ඉහළ තට්ටුවට යවා දරුවා ප්‍රසූත කිරීමට ඇයට උදව් කර ඇති අතර පසුව බිළිඳා සමඟ මව කූරිකඩ්ඩුවාන ජැටිය වෙතට රැගෙන විත් ගිලන්රථයක් සමගින් යාපනය ශික්ෂණ රෝහලට රැගෙන යාමට පියවර ගෙන තිබෙනවා.

අදාල දරුවා සහ මව යහපත් සෞඛ්‍ය තත්වයේ පසුවන බවටද යාපනය රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.