තවත් බිහිසුණු අතවර සිද්ධියක් වාර්තා වෙයි..

By Sithumini Aug 17, 2024 04:46 PM GMT
Report


ලිංගික අතවර සිදුවීම් අප රටේ දිගු කාලයක සිට වාර්තාවන බිහිසුණු තත්වයක්.

එවැනි පසුබිමක පසුගියදා වාර්තා වූ සිසුන් 20ක අදික ප්‍රමාණයකගෙ අතින් වරින් වර දූෂණය වූ දැරියක් පිළිබදවා වර්තාවුණේ තණමල්විල ප්‍රදේශයෙන්.

එවැනි වාතාවරණයකදී අද බාලවයස්කාර දැරියකට ලිංගික අතවර සිදුකළ බව කියන පාසල් ගුරුවරයෙකු සහ එම සිදුවීම වසන් කළ බවට චෝදනා එල්ලවූ අදාළ පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනිය මහවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද පැමිණිල්ලක් ලැබී තිබෙනවා. ඒ පිළිබදව සිදු කළ විමර්ශනයකදි ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණා.

12 හැවිරිදි අදාළ දැරිය ඉගෙනුම ලබන පාසලේ ගුරුවරයෙකු විසින් ඇය ලිංගික අතවරයට ලක් කර තිබුණා.

මේ පිළිබදව දැරිය පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනිය දැනුවත් කරද මේ පිළිබදව කිසිවෙකුටත් නොපවසන ලෙස ඔහු දැරියට කියා තිබුණා.

මෙවැනි සිදුවීම් නිරන්තරයෙන් වාර්තා වනවා. දරුවන් යන මල්වැනි පිරිස් වෙත සිදුවන මෙවැනි ක්‍රියා සැබවින්ම කණගාටුදායකයි.