පාසල් දැරියක් අපයෝජනය කළ ත්‍රීරෝද රථ රියැදුරෙකුට වසර 10කට පසු ලැබුණ දඬුවම..

Sri Lanka
By krishani Sep 02, 2022 02:54 AM GMT
Report

පාසල් දැරියක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ 34 හැවිරිදි ත්‍රීරෝද රථ රියැදුරෙකුට කොළඹ මහාධිකරණය වසර 12ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කළා ය.

ඒ 2012 වර්ෂයේ කොළඹ නගරාසන්නයේ නිවසක මව සමග සිටි 13 හැවිරිදි පාසල් දැරියක් තම නිවෙසට බලහත්කාරයෙන් රැගෙන ගොස් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් වසර 10ක් තිස්සේ පැවති නඩු විභාගය අවසානයේදී වන අතර වරදකරුට කොළඹ මහාධිකරණයේ විනිසුරු නවරත්න මාරසිංහ රුපියල් 25,000ක දඩයක් සහ අපයෝජනයට ලක්වූ දැරියට රුපියල් ලක්ෂ 2ක වන්දියක් ගෙවන ලෙසද නියෝග කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join