මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් වැඩිපුර ලකුණු ගත් පොඩ්ඩාගේ අනාගත බලාපොරොත්තුව..

Sri Lanka Grade 05 Scholarship examination
By Sewvandhi මාස 1 කට පෙර
Report

පන්නිපිටිය ක්‍රිස්තුරාජ විද්‍යාලයේ ඉගෙනුම ලබන චෙනිත නෙත්දිනු ශිෂ්‍යයා මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 198ක් හිමි කරගැනීමට සමත්වී තිබේ.

චෙනිත හෝමාගම දියගම ප්‍රදේශයේ පදිංචි දරුවෙකි. දැනට වාර්තා වූ ප්‍රතිඵල අනුව ඉහළම ලකුණු සංඛ්‍යාව හිමිකරගත් සිසුවා වන්නේ ඔහු ය.

අදහස් දක්වමින් චෙනිත නෙත්දිනු ශිෂ්‍යයා පැවසුවේ, වෛද්‍යවරයෙක් වී ඖෂධ සොයා නොගත් රෝග සඳහා ඖෂධ සොයා ගනිමින් ලෝකයා සුවපත් කිරීම තම අනාගත බලාපොරොත්තුව වන බවය.

"මම උදේ නැගිටලා ගොඩක් පොත් කියෙව්වා. හැබැයි ඒ අතරතුර මම ක්‍රීඩා, මියුසික්, චෙස් සහ රසවින්දනයට අවශ්‍යදෙවලුත් කළා. මගේ අනාගත බලාපොරොත්තුව වෛද්‍යවරයෙක් වෙලා තවම ඖෂධ සොයාගෙන නැති රෝග සඳහා ඖෂධ සොයාගෙන ලෝකෙම සුවපත් කරන එක."

මේ අතර කඩුවෙල බෝමිරිය මුනිදාස කුමාරතුංග විද්‍යාලයේ ඉගෙනුම ලබන මනුසත් සිදම් සිසුවා ලකුණු 197 ක් හිමිකරගෙන තිබේ. ඔහු මල්වාන පහළ මාපිටිගම ප්‍රදේශයේ පදිංචි දරුවෙකි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now