වසර 70කට පසු අසල්වැසි රටේ සිදුවූ අපූරු උපත...

India
By Sewvandhi Mar 30, 2023 07:07 AM GMT
Report

ඉන්දියාවේ චීටාවන් සිව් දෙනෙකු උපත ලබා ඇති බව ඉන්දිය පරිසර අමාත්‍යවරයා නිවේදනය කර තිබෙනවා.

පසුගිය සැප්තැම්බර් මාසයේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ කුනෝ ජාතික වනෝද්‍යානයට නැමීබියාවේ සිට චීටාවන් අට දෙනෙකු රැගෙනවිත් ඇති අතර ඔවුන්ගෙන් දෙදෙනෙකු වන සියායා සහ ෆ්‍රෙඩීට දාව මෙම පැටවුන් උපත ලබා තිබෙන බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ.

ඉන්දියාවේ චීටාවන් වඳ වී ගොස් ඇති බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර වසර 70කට වැඩි කාලයකට පසු මෙම පැටවුන් උපත ලැබීම “ වනජීවී සංරක්ෂණ ඉතිහාසයේ සුවිශේෂී සිදුවීමක්” ලෙස එරට පරිසර අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now