'සමාවෙන්න රත්තරනේ'...'සඳ යාත්‍රා කලා වගෙ මතකයි'..සේපාලිකා මලයි'..කියූ පමණින් මතකයට එන සොඳුරු කලාකරුවා දිවිසැරියට සමුදෙයි..(PHOTOS)

artist Channa jayarathna Sepalika mala Samavenna raththarane
By Sewvandhi Feb 26, 2022 10:10 AM GMT
Report

ඉතා ප්‍රකටවූ ගීත ගණනාවක රචකයාවූ චන්න ජයනාත් මහතා කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය. චන්න ජයනාත් මහතා නිල්වලා සමූහ ව්‍යාපාරයේ සාමාන්‍යාධිකාරී ලෙස කටයුතු කළේය.

'ඉගිලෙන්න තහනම් නම් දුරක්' , 'කවි සී පද ඇහෙන රෑට', 'සුමුදු වලාවක අඳුර වෙලා', 'මෙවලම් මොකටද මෙතරම්', 'සමාවෙන්න රත්තරනේ', 'සඳ යාත්‍රා කලා වගෙ මතකයි', ‘වෙහෙරහේන විහාරයේ‘, 'සංසාර සිහිනයේ' , 'මගේ දුප්පත් ඇස් දෙක', 'සඳ රැජිනියේ', 'සේපාලිකා මලයි', 'සුදු අරලියා මල' .කඳුලු පූජාසනේ, නාමල් දෙකක් ළඟින්, මගෙ දුප්පත් ඇස්දෙක, සඳට ආදරෙයි කියලාඇතුළු ජනප්‍රිය ගීත රාශියක් ඔහු විසින් රචනා කරනු ලැබ ඇත.

ගීත 700කට අධික ප්‍රමාණයක් රචනා කර ඇත. දෙදරු පියෙකු වූ චන්න මහරගම පදිංචිව සිටියේය.සිය අධ්‍යාපනය සිදු කළේ මහරගම විද්‍යාලංකාර මහා විද්‍යාලයෙනි.පාසල් සමයේ සිට සාහිත්‍ය ඉසව් සියල්ලකටම උනන්දුවූ ඔහු පැවැති තරගවලින් බොහොමයක් ජයග්‍රහණය කළේය.

ප්‍රසිද්ධ ගීත රචකයෙකු වූ ලලිත් වසන්ත චන්නගේ සොහොයුරාය. තමාට ගීත රචනාවට අඩිතාලම වැටුනේ සොයුරාගෙන් බව ඔහු කියා තිබේ. කැසට් හා ටෙලිනාට්‍ය නිර්මාණය කරන නිල්වලා සමූහ ව්‍යාපාරයේ වැඩවලදී චන්නගේ සහය නිරතුරුව ලබාගෙන තිබුණි.

‘නිල්වලා කොම්පැනියේ වැඩත් එක්ක සෑහෙන්න කාර්යබහුල වුණත්, මට සිංදුවකට පද පේලි කිහිපයක් ලියන්න විනාඩියක් හොයාගන්නවා, අදහසක් ආවොත් මම ඉක්මනට ඒක ලියාගන්නවා, ඒක මම ගමනක් යනකොටත් වෙන්න පුළුවන්. අදහස් මගේම අත්දැකීමෙන් ද විය හැකිය.

මට මොකක් හරි අමාරුවක් ආවොත් මම මහාචාර්ය සුනිල් ආරියරත්න, රත්න ශ්‍රී විජේසිංහ වගේ අය එක්ක කතා කරනවා. මම විලාසිතා හෝ කලාකරුවන් අනුකරණය කිරීම විශ්වාස නොකර මගේම දේ කරන කෙනෙක්." ඔහු කියා තිබේ. චන්න ජයනාත් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී අද (26) පස්වරුවේ සිදුකිරීමට නියමිතය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now 


GalleryGalleryGallery