හෙට සිට දුම්රිය කාල සටහනේ වෙනසක්.
Sri Lanka Railways
Department of Railways
Railways
By Wayomi
හෙට (01) සිට මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කාලසටහන සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. තිබෙනවා.
ඒ අනුව මාතර දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන රුහුණු කුමාරි සීඝ්රගාමී දුම්රිය පෙරවරු 5.25 ට බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට ගමන් ආරම්භ කිරීමට නියමිතයි.
මේ අතර සතියේ දිනවල පමණක් ධාවනය වූ සාගරිකා සීඝ්රගාමී දුම්රිය සෙනසුරාදා දිනයේද ධාවනය වනු ඇති.
එමනේම සතියේ දිනයන්හි රාත්රි 8.35 ට මරදානේ සිට දකුණු පයාගල දක්වා ධාවනය වන දුම්රිය හෙට සිට අලුත්ගම දක්වා ගමනාන්තය දීර්ඝ කර ඇති අතර,
පස්වරු 2.00 ට මරදානේ සිට අලුත්ගම දක්වා ධාවනය වන දුම්රිය පස්වරු 1.55 ට ගමන් ආරම්භ කිරීමට නියමිත බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.