මන් රගපාන්නේ මේකප් නැතුව... හින්දි නිළියකට වඩා ලස්සන ලංකාවේ චන්ද්‍රපානි.... (PHOTOS )

By Sithumi Sep 03, 2022 05:02 PM GMT
Report

මේ දිනවල විකාශය වන “කියා දෙන්න ආදරේ තරම්” ටෙලි නාට්‍යයේ සමන්දිනිගේ චරිතය හරහා රසික ඔබට සමීප වන ඇය ප්‍රේක්ෂක හදවත් තුළ ලැගුම් ගත්තේ ‘චන්ද්‍රපාණී’ රූප රචනාව හරහායි.

ඇය සතු උතුරු ඉන්දියානු පෙනුම නිසාම ඇතැම් ප්‍රේක්ෂකයන් ඇයගේ රුව මලයාලම් සිනමා නිළියකට සමාන කරන අතර සුරූපි ඇය නමින් ඉෂංකා අබේසේකරයි. ඉතින් ඇයට තිබෙන ප්‍රේක්ෂක රසිකත්වය නිසාම ඇයව මෙවර ‘හදගැස්ම’ කතා බහට එක්කර ගන්නට අප සිතුවා.

කොහොමද මේ දිනවල වැඩකටයුතු?

සුපුරුදු පරිදි රංගන වැඩකටයුතු කරමින් කාලය ගත කරනවා. කියා දෙන්න ආදරේ තරම් නාට්‍යයේ රූප ගත කිරීම් සමඟ තමයි මේ දින ගත කරන්නේ. ඒ වගේම දමිළ කෙටි චිත්‍රපටයකට සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරනවා. එයට අමතරව රූප රචනා කිහිපයකට සහ වෙළෙඳ දැන්වීම් කිහිපයක වැඩ කළා. තවත් අලුත් නිර්මාණ රැසකට ආරාධනා ලැබුණා. නමුත් ඒ වෙනුවෙන් කාලය කළමනාකරණය කර ගන්න අවශ්‍යයි. ඒ වගේම රංගනය සමඟ මගේ ව්‍යාපාර වැඩකටයුතුත් කරගෙන යනවා. ‘

චන්ද්‍රපාණි’ කියන්නේ ඉෂංකාගේ කලා ජීවිතයේ එක් සංධිස්ථානයක් නේද?

A brand new IPhone 13 Pro Giveaway ඔව්, අනිවාර්යෙන්ම. මම කලා ක්‍ෂේත්‍රයට පිවිසෙන්නේ වාසව බදුගේ මහතා නිර්මාණය කරන ලද චන්ද්‍රපාණි රූප රචනය හරහායි. මගේ ජීවිතය වෙනස් කරපු නිර්මාණය තමා ‘චන්ද්‍රපාණි’. එයට ආරාධනා ලැබෙන්නේ අහම්බයෙන්. මම මගේ මුහුණු පොතට එකතු කරපු පින්තූරයක් දැකලා තමයි වාසව බදුගේ මහත්මයා මට චන්ද්‍රපාණි නිර්මාණය සඳහා ආරාධනා කරන්නේ. පසුව ඉන්ටනැෂනල් සහ බන්ධනා කියන ටෙලි නාට්‍යයවලට රංගනයෙන් දායක වුණා. එයට අමතරව High school junkies එකෙන් කරපු temporal Shortfilm එකකටත් මම සම්බන්ධ වුණා. එහි මම “නිකිතා” කියන ප්‍රධාන චරිතය නිරූපණය කළා. 

කුඩා කාලයේ සිටම රංගනයෙහි නිරත වෙන්න බලාපොරොත්තුවක් තිබුණද?

එහෙම බලාපොරොත්තුවක් ඇත්තටම තිබුණෙ නැහැ. කලා ක්‍ෂේත්‍රයට එනවා කියලා මගේ අදහසක්වත් තිබුණෙ නැහැ. මගේ ළමා කාලය ගෙවෙන්නේ මගෙ පුංචි සහ ආච්චි අම්මා සමඟ. මම පොඩි කාලයේ මගේ පුංචි ගොඩක් තරුණයි. ඒ කාලයේ ඇය නිතරම හින්දි චිත්‍රපට බලනවා. ඇය සමඟ මමත් ඒවා නරඹනවා. මගේ පුංචි නිතරම මට හින්දි චිත්‍රපටවල තිබෙන ගීත සඳහා නටන්න මාව උනන්දු කරවනවා. ඒ වගේ දේවල් තමයි මගේ ළමා කාලයේ තිබුණේ.

ඉතින් මම සිතනවා රංගන ක්‍ෂේත්‍රයට පැමිණෙන්න මගේ සිතේ තිබුණු ආසාවල් බොහොමයක් උපකාරී වෙන්න ඇතියි කියලා. 

 නිර්මාණයක චරිතයක් තෝරා ගැනීමේදී ඔබ ඔබටම වාරණ පනවගෙන තිබෙනවාද?

මෙහෙමයි. රංගනයට සීමා පනවගෙන අපිට රඟපාන්න බෑ. නමුත් මම චරිතයක් භාර ගත්තොත් එයට සාධාරණයක් කළ යුතුයි. සාධාරණයක් කළ හැකිනම් පමණයි මම එය භාර ගන්නේ. ඒ නිසාම මම මුලින්ම තිර පිටපත ඉල්ලගෙන බලනවා. බලලා තමයි වැඩකට සම්බන්ධ වෙන්නේ. තරුණ ගැහැනු ළමයෙක් ක්‍ෂේත්‍රය තුළ සිටින විට ඇයට හැදෙන කටකතා, විවේචන සාමාන්‍ය දෙයක්.

ඔබත් එවැනි විවේචනවලට මුහුණ දෙනවාද?

මම දැකපු දෙයක් තමයි නවකයෙක් ක්‍ෂේත්‍රයට එනවිට ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය ගැන ඇතැම් අය හොයනවා වැඩියි. ඇතැම් අය නොදන්න දේවල් දන්නවා වගේ කියලා අපහාස කරනවා. එය විනෝදාංශයක් කරගත් මිනිස්සු පිරිසක් සමාජයේ ජීවත්වෙනවා. නමුත් අපිට ඔවුන්ව හදන්න බැහැ. එහෙත් කෙනකුට අපහාස කිරීම නීතියෙන් තහනම්. අපි කාලයක් මහන්සියෙන් හදාගත් නම පලුදු කරන්න කාටවත්ම අයිතියක් නෑ.

ඉෂංකාගෙ මුහුණෙ ඉරියව් මලයාලම් සිනමාවේ නිළියන්ට සමාන බව බොහෝ දෙනකු පවසනවා නේද? “

චන්ද්‍රපාණි’ නිර්මාණය දැකපු බලපු හැමෝම හිතලා තිබ්බේ මම ලංකාවේ කෙනෙක් නෙවෙයි කියලා. ඒ වගේම මගේ මුහුණේ ඉරියව් මලයාලම් සිනමාවේ නිළියන්ට සමාන බව බොහෝ දෙනෙක් පවසනවා. පසුගියදා මම දායක වුණු ‘කන්මණී’ කියන photo shoot එක දැකපු හැමෝමත් ඒ කතාවම කිව්වා. මම නිර්මාණයක් කරනවිට මේකප් භාවිත කරන්නේ නෑ. නිර්මාණයකින් ප්‍රේක්ෂකයන් දකින්නේ ඇත්තම මාව.

සැබෑ ජීවිතයේ ඉෂංකා මොන වගේ චරිතයක්ද?

සැබෑ ජීවිතයේ මම හරිම සංවේදී කෙනෙක්. නමුත් මම හරි ගැඹුරින් ජීවිතය දකින කෙනෙක්. මගේ ආගම බෞද්ධ. මම කර්මය විශ්වාස කරනවා. ඒ වගේම මම හරිම ආදරෙයි මගේ පවුලට. මට ජීවිතේ තිබෙන්නේ එකම බැඳීමයි. ඒ මාව පොඩිකාලෙ ඉඳන් හදාගත්ත මගේ ආච්චි අම්මා සමඟ තිබෙන බැඳීම. මම ආච්චි අම්මට අම්මා කියලයි කියන්නේ. මම මගේ පණ වගේ ආදරෙයි ආච්චි අම්මට. ඒ වගේම මගේ මල්ලිට මගෙ ළමයෙක්ට වගේ ආදරෙයි. මගේ අම්මා විදේශගතව ඉන්නේ. මම කැමැතියි මගේ අම්මා දිනෙක මම නිසා ආඩම්බර වෙනවා දකින්න.

ඉෂංකා දැන් ජනප්‍රිය චරිතයක් නිසා ආදර යෝජනාවලින් එහෙම අඩුවක් නැතිව ඇති නේද?

ආදර යෝජනාවලින් නම් අඩුවක් නැහැ. නමුත් මේ මොහොතේ ආදර සම්බන්ධයක් පවත්වන්න තරම් මානසික මට්ටමක නැහැ. මොකද මට මගේ මනස නිරවුල්ව තියාගන්නට අවශ්‍යයි. ආදරේ සංසාරික දෙයක් කියලා මම විශ්වාස කරනවා. මට ඒ මාතෘකාව හරි ගැඹුරුයි. යම් යෝජනාවකට සැහැල්ලුවෙන් කැමැති වෙන්න මට බෑ. මොකද මේ මගේ ජීවිතය. ඒ නිසා ආදරේ ගැන ගොඩක් සිතන්නට අවශ්‍යයි. ඔබ රංගනයට අමතරව ව්‍යාපාරිකාවක්.

ඒ පිළිබඳවත් කතා කරමු?

ඔව් මම වෘත්තියෙන් ව්‍යාපාරිකාවක්. මම මගේම කියලා import & export company එකක් කරනවා. එය නමින් ishskin.pvt.Ltd. ඊට අමතරව fashion designer කෙනෙක් විධියටත් වැඩකටයුතු කරනවා. ඒ වගේම ඇඳුම් නිර්මාණය කිරීමේ ව්‍යාපාරයක් මම සතුව තිබෙනවා.

එහි නම ISH fashion studioයි. රටෙහි ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය කලාවට බලපා ඇති අකාරයත් කතා නොකරම බැහැ නේද?

ඇත්තටම කලා ක්‍ෂේත්‍රය වැටුණේ අද ඊයෙ නෙවෙයි. මේ ක්‍ෂේත්‍රයට මුලින්ම අවශ්‍ය වෙන්නේ ක්‍ෂේත්‍රයට ආදරේ අය. නමුත් ක්‍ෂේත්‍රය තුළ සිටින ඇතැම් පිරිස් මේ ක්‍ෂේත්‍රයේ නම විකුණගෙන තමන් විතරක් පොහොසත් වීමේ අරමුණෙන් වැඩ කරනවා. ඔවුන් විසින් මේ ක්‍ෂේත්‍රයේ තිබෙන වටිනාකම නැති කරලා දානවා. එපමණක් නොවෙයි ඔවුන් කලාවෙහි තිබෙන් කලාවත් නැති කරනවා.

ඔබේ වැඩ කටයුතුවලට නිවෙසින් ලැබෙන සහයෝගය කතා කළොත්?

නිවෙසින් ලැබෙන සහයෝගනම් වචනවලින් කියන්න බැහැ. මගේ පවුලේ ඉන්නේ මගෙ අම්මා මල්ලි සහ ආච්චි අම්මා. 2017 වසරේ මගෙ තාත්තා අප අතරින් සමුගන්නවා. මගේ මල්ලි තමා සෙවණැල්ල වගේ මගේ වැඩ කටයුතුවලට මට උදවු කරන්නේ. ගෙදර අය දන්නවා මම මොන දේ කළත් හරි දේ කරනවා කියලා. මාතලේ ශ්‍රී සංඝමිත්තා බාලිකා විදුහල තමයි මගේ පාසල. මම ඉතාමත් ආදරෙන් මතක් කරනවා  මගේ පාසල.

ඉදිරි බලාපොරොත්තු කොහොමද?

මගෙ ලොකුම සිහිනය තමා මගේ ව්‍යපාරය දියුණු කරන එක සහ Ishskin company තව තවත් දියුණු කර ගන්න එක තමයි මගේ ලොකුම බලාපොරොත්තුව.

“හදගැස්ම”

GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery