රූපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහට අධිකරණයෙන් විශේෂ වාරණ නියෝග දෙකක්..!

Celebrity Court order Galkissa Pushpika De Silva Chabdimal Jayasinghe
By Sewvandhi Mar 23, 2022 03:08 PM GMT
Report

ශ්‍රී ලාංකික විවාහක රූ රැජින තරගයේ සංවිධායකවරයා ලෙස කටයුතු කරන, රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහට ගල්කිස්ස අධිකරණය විසින් වාරණ නියෝග දෙකක් ඉදිරිපත් කර තිබෙනවා.

2021 වර්ෂයේ ශ්‍රී ලාංකික විවාහක රූ රැජින කිරුළ, පුෂ්පිකා ද සිල්වාට හිමි වූ අතර, අනතුරුව ඇති වූ සිද්ධියක් නිසා සංවිධායක චන්දිමාල් ජයසිංහ විසින් එම කිරුළ සහ පුෂ්පිකාට හිමි මිසිස් ශ්‍රී ලංකා සන්නායම ද අහිමි කරවනු ලැබුවා.

මේ සම්බන්ධයෙන් තමන්ගේ කීර්ති නාමයට හානි සිදුවූ බව කියමින් පුෂ්පිකා ඇගේ නීතිඥයින් මාර්ගයෙන් චන්දිමාල් ජයසිංහ වෙත ලිපියක් ද යොමු කර තිබුණා. කෙසේ වෙතත්, මෙම ලිපියට පිළිතුරක් නොමැති වූ හෙයින්, පුෂ්පිකා විසින් නඩුවක් පවරා ඇති අතර, අනතුරුව ගල්කිස්ස දිසා අධිකරණය මඟින් අදාළ වාරණ නියෝග නිකුත් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වන ලිපි කිහිපයක් පුෂ්පිකා ඇගේ මුහුණු පොතෙත් පළ කර තිබුණා. පසුගිය වසරේ අමරිකාවේ ලස්වේගස් හි පැවැත්වුණු ලෝක විවාහක රූ රැජින තරගාවලියෙන් අවසන් සය දෙනා අතරට එන්නට ශ්‍රී ලංකාව නියෝජනය කළ පුෂ්පිකා ද සිල්වාට හැකියාව ලැබුණා.

කෙසේ වෙතත්, නැවත ලංකාවට පැමිණි ඇය තමන්ට එරෙහිව කුමන්ත්‍රණයක් දියත් වූ බවත්, එය ක්‍රියාත්මක කරනු ලැබුවේ චන්දිමාල් ජයසිංහ සහ රෝසි සේනානායක විසින් බවටත් සෘජුවම චෝදනා එල්ල කළා.

මෙම ගැටුම්කාරී තත්ත්වය හමුවේ පුෂ්පිකාගේ කිරුළ ඇයට අහිමි කරවන්නට චන්දිමාල් ක්‍රියා කළ අතර, ඇයට හිමි 'මිසිස් ශ්‍රී ලංකා' සන්නාමය ද භාවිතා කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කෙරුණා.

වැඩසටහනක් සඳහා එක්වුණු චන්දිමාල්, පුෂ්පිකා එල්ල කරන චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කළ අතර, ඇය දේශපාලඥයෙකු සමඟ සමීප සම්බන්ධතා පවත්වන බවටත් තොරතුරු හෙළි කළා. මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශයෙන් අනතුරුවයි පුෂ්පිකා ඇගේ කීර්ති නාමයට හානි වූ බව කියමින් චන්දිමාල් වෙත ලිපියක් යොමු කරනු ලැබූවේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now