සුපිරි ක්‍රීඩක චාමික කරුණාරත්න ගැන කනගාටුදායක පුවතක් - ඕස්ට්‍රේලියා තරගයට මොකද වෙන්නේ..?

Australia Covid19 Dilshan Fonseka Chamika Karunarathna Nuvan Thushara Rumesh Rathnayake
By Sewvandhi Feb 03, 2022 01:53 AM GMT
Report

ඔස්ට්‍රේලියානු පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යන්නට හෝරා කිහිපයක් ඉතිරිව තිබියදී තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නට කොවිඩ් ආසාදනය වී ඇති බවට අනාවරණ වී තිබෙනවා.

ඔස්ට්‍රේලියානු තරග සංචාරය ඉලක්ක කරමින් ජෛව ආරක්ෂක බුබුලේ සිට කොවිඩ් ආසදනය වූ තුන්වැන්නා චාමික වන අතර මීට පෙර නුවන් තුෂාරට සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු අභ්‍යාසක  ඩිල්ෂාන් ෆොන්සේකාට ද කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු රුමේෂ් රත්නායකට ද මීට පෙර කොවිඩ් ආසාදනය වී තිබූ අතර ඒ හේතුවෙන් ඔහු හෙට ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් ඔස්ටේ‍රිලියාව බලා පිටත්ව යන්නේ නැහැ.

රුමේෂ් ලබන 11 වනදා පළමු පන්දුවාර 20 තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එක්වීමට නියමිතයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මේ දිනවල සංවිධාන කරනු ලබන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මහනුවර කණ්ඩායමට ක්‍රීඩා කළ කමිඳූ මෙන්ඩිස්ටත් කොවිඩ් ආසාදනය වී තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now