චාමර වීරසිංහ ගැන සංවේදී ආරංචියක්.. සමාජ මාධ්‍ය පුරා වේගයෙන් පැතිර යයි..(PHOTOS)
'චාමර ප්‍රතිචාර දක්වන්නෙ නෑ, පෙනහලුත් ඩැමේජ්? දැන් ස්ටේජ 4??? වෛද්‍යවරු අන්තිම තීරණය ගන්න හදන්නෙ??' 'චාමර ස්ටේජ් 4 ඉන්නෙ.
ඔහුගේ පෙනහලු දෙකම දියවෙලා. මෙය ඉතාමත් භයානයකයි. වෛද්‍ය ප්‍රතිචාරවලටත් ප්‍රතිචාර දක්වන්නෙත් නෑ...
ඔහුට ප්‍රතිකාර ලබා දුන්නත් යථා තත්ත්වයට පත්වෙන්න කාලයක් යයි...
වෛද්‍යවරුන් අවසන් තීරණය ගත්තා....' 'කලුබෝවිල' රෝහලේ හෙදියක් ලියූ 'සටහනක්' යැයි කියමින් මේ වන විට 'සමාජ මාධ්‍ය' තුළ හුවමාරු වන වීඩියෝව ඔබත් දකින්න ලැබෙනවා.
'චාමර වීරසිංහ' හදවතේ ගායකයාව දිගින් දිගටම 'නොනවත්වා' පහර දෙන 'ටෙස්ට් වන්' නම් වූ යුටියුබ් නාලිකාව විසින් මෙම වීඩියෝ පටය සමාජ මාධ්‍ය තුළ බෙදා හැර තිබීම විශේෂත්වයක්.
අදාළ අගතියට පත් 'පාර්ශව' පවා මේ මොහොතේ මුනිවතින් සිටීම කණගාටුවට කරුණක්. මින් ඉහත චාමර වීරසිංහගේ 'පුද්ගලික ජීවිතය' සහ ඔහුගේ 'පෙර විවාහය' ගැන පවා සඳහන් කරමින් 'ටෙස්ට් වන්' ඉතාමත් පිළිකුල් සහගතව මේ 'නොමනා ක්‍රියාවේ' යෙදෙමින් සිටීම මෙරටේ ප්‍රසිද්ධ ගායකයෙකුට පමණක් නොව සාමාන්‍ය රෝගී වූ පුද්ගලයෙකුට වුවද කරන බලවත් අසාධාරණයක්.
මේ වන විටත් 'පාර්ශව' බොහෝමයක් ඔවුන්ට එරෙහි 'නීතිමය' කටයුතු සිදු කර ඇතත්, ඉන් එහා අදාළ අගතියට පත් 'පාර්ශව' පවා මේ මොහොතේ මුනිවතින් සිටීම කණගාටුවට කරුණක්.
ඔහු සීයට සීයක් හොඳ අතට හැරිලා වාට්ටුවකට දාන්න බෑ. ඒ නිසා ඔහු තාමත් ඉන්නෙ දැඩි සත්කාරයේ...
'ඔහු මේ වන විට කෘතිම ආධාරයෙන් මිදිලා දැන් සාමාන්‍ය පරිදි ශ්වසනය සිද්ධ වෙනවා.
ඒ වගේම ඔහුට මේ වෙද්දි ඇඳෙන් බැහලා ඉන්න තරම් හැකියාවක් තියනවා. ඒත් ඔහු සීයට සීයක් හොඳ අතට හැරිලා වාට්ටුවකට දාන්න බෑ.
ඒ නිසා ඔහු තාමත් ඉන්නෙ දැඩි සත්කාරයේ...' 'තාම කියන්න බෑ සීයට සීයක් දැන් හොඳයි, ගෙදර යන්න පුළුවන් කියලා.
නමුත් ඔහුගේ තත්ත්වය දැන් හොඳයි කියන එක කියන්න පුළුවන්...
ඔහු උගුරේ ශල්‍යකර්මයකට භාජනය කෙරුණේ නෑ ඇත්තටම.. ඔහුගේ උගුරේ ශ්වසන පද්ධතියට සවිකරපු බටය නිසා ඔහුගේ හඬ යථා තත්ත්වයට පත් වෙන්න ටික කාලයක් ගතවෙයි.
ඒ නිසා ඔහුට ගායනා නොකර ඉන්න වෙයි.. නමුත් ඔහුට මාස 4ක් 5ක් යද්දි ඒ තත්ත්වය සමනය වෙයි.
ඒක තමයි දැනට අපි ට කියන්න තියෙන්නෙ...'
⭕වීඩියෝවට ලැබී ඇති ප්‍රතිචාර...
මින් ඉහත 'ටෙස්ට් වන්' නාලිකාව, 'ජැක්සන් ඇන්තනී' ගැනත් මෙවැනි ම වූ දේ පළ කෙරූ අතර, ඒ සම්බන්ධයෙන් ද සමාජයෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබීය.
මොවුන් මෙම 'නොමනා ක්‍රියා' සඳහා යම් යම් පාර්ශව වෙතින් 'මුදල්මය වටිනාකම්' පවා ලබාගෙන ඇති බවට දැන් තොරතුරු අනාවරණය වීම ද සැකයට කරුණක් නොවේ ද.
මේ අතර, චාමරගේ පුවත සත්‍ය බැව් කියූ පිරිස් එය මුහුණු පොතේ තැනින් තැන හුවමාරු කර තිබුණා.
සිය 'බඩවියත' වෙනුවෙන් ජනප්‍රිය චරිත යොදාගෙන සිදු කරන මේ 'අතිවිශාල හානිය' කොපමණක්ද කිවහොත් ඔවුන්ගේ මෙම පළකිරීම් 'අන්ධ ලෙස' විශ්වාස කරන්නට පවා ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටීම කණගාටුවට කරුණක්. (මේ දැනුත් චාමරගේ පුවත සත්‍ය බැව් කියූ පිරිස් එය මුහුණු පොතේ තැනින් තැන හුවමාරු කර තිබුණා....)
'ජනපතිට එරෙහි ලියමන්' පළ කරන 'උන්' සඳහා නීතිය අකුරටම ක්‍රියාත්මක කළ හැකි නම් (උන්ගේ වාසාස්ථාන පවා, සොයා ගත හැකි නම්..)
මෙවැනි 'පිළිකුල් සහගත දේ' කියමින් 'පත හෑලි කියවන' උන් සඳහා නීතිය ක්‍රියාත්මක කළ නොහැක්කෙ ඇයි ද යනුවෙන් ප්‍රශ්නාර්ථයකි??
උපුටා ගැනීමක්: