හදවතේ ගායක, චාමර වීරසිංහ දැඩි සත්කාර ඒකකයට - රෝහලෙන් විශේෂ දැනුම්දීමක්.. (PHOTOS/UPDATE)

Hospitals in Sri Lanka Latest Headlines
By krishani Dec 20, 2023 03:13 PM GMT
Report

UPDATE :-

ප්‍රසිද්ධ ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.

හදවතේ ගායක, චාමර වීරසිංහ දැඩි සත්කාර ඒකකයට - රෝහලෙන් විශේෂ දැනුම්දීමක්.. (PHOTOS/UPDATE) | Chamara Weerasinghe

එම රෝහලේ දැඩි සත්කාර ඒකකය ඉදිරිපිට දැන්වීම් පුවරුවක් ද සවි කර ඇත.

එහි සඳහන් වන්නේ, ඔහු බැලීම සඳහා අවසර හිමි නොවන බවයි.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේ විශාල රසික පිරිසක් ඔහුගේ සැප දුක බැලීම සඳහා පැමිණීම රෝහලට මෙන්ම ඔහුට ද විශාල අපහසුතාවයක් බවයි.

ඒ හේතුවෙන් කිසිවෙකුත් මේ මොහොතේ චාමර වීරසිංහ මහතා බැලීම සඳහා රෝහලට පැමිණීමෙන් වළකින ලෙස ඔවුන් ඉල්ලා සිටියි.

-------------------------------------------

සියල්ලන් ආදරය කරන, හදවතේ ගායකයා චාමර වීරසිංහ රෝහල් ගත කරයි.. (PHOTOS)

ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බවට වාර්තා වේ.

හදවතේ ගායක, චාමර වීරසිංහ දැඩි සත්කාර ඒකකයට - රෝහලෙන් විශේෂ දැනුම්දීමක්.. (PHOTOS/UPDATE) | Chamara Weerasinghe

ඒ අසනීප තත්ත්වයක් හේතුවෙන් ය.

ඒ බව එහි රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය සාගරී කිරිවන්දෙණිය මහත්මිය සඳහන් කළේ ය

ඒ මහතා ගෙවුණු දින කිහිපය තුළ අසනීප තත්ත්වයෙන් පසුවුණ බව ඔහු සිය ෆේස්බුක් ගිණුමෙහි ද සඳහන් කර තිබුණා.

කෙසේ වෙතත්, හදවතේ ගායක චාමර වීරසිංහ අපි ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු..

GalleryGalleryGalleryGallery