විදුලි බිල සම්බන්ධව ලංකා විදුලි බල මණ්ඩලයෙන් විශේෂ දැනුම්දීමක්..

Ceylon Electricity Board Sri Lanka Electricity Prices Public Utilities Commission of Sri Lanka Smart Watch
By Aruna Jan 30, 2024 05:50 AM GMT
Report

ලංකා විදුලිබල මණ්ඩලය නව තාක්ෂණයට අනුගත වෙමින් විදුලි පාරිභෝගිකයන්හට සිය විදුලි බිල්පත් ගෙවීම සඳහා ක්‍රමවේදයන් රැසක් මේ වන විට හඳුන්වා දී තිබෙනවා.

මේ අනුව නව ක්‍රමවේදයන් තුළින් වඩාත් කාර්යක්ෂම ලෙස බිල්පත් ගෙවීම් කටයුතු සිදුකළ හැකි බවයි, නිවේදනයක් නිකුත් කරමින් ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කර ඇත්තේ.

ඒ අනුව, CEBCare මොබයිල් ඇප්එක මඟින්, ඔන්ලයින් බැංකු සේවා මඟින්, ලංවිම වෙබ් අඩවිය ඔස්සේ, ඕනෑම ශ්‍රී ලංකා තැපැල් කාර්යාලයක් මඟින්, ලංවිම සහ බැංකු KIOSK යන්ත්‍ර මඟින්, කාගීල්ස්, කීල්ස් ආදී සුපිරි වෙළෙඳසැල‍ෙවලින් මෙන්ම mCash මඟින් ද විදුලි බිලපත් ගෙවීමේ පහසුකම පාරිභෝගිකයින්ට හිමිවේ.

එමෙන්ම ලංකා විදුලිබල මණ්ඩලය පාරිභෝගිකයින් වෙත දැනුම්දෙනු ලබන්නේ, විදුලි බිල්පත් සම්බන්ධයෙන් පැනනැගෙන ගැටලු පිළිබඳව ලංවිම ඇමතුම් මධ්‍යස්ථාන අංකය වන 1987 වෙත යොමු කරන ලෙසයි.

Sponsored By Sarrita Jewellery

විදුලි බිල සම්බන්ධව ලංකා විදුලි බල මණ්ඩලයෙන් විශේෂ දැනුම්දීමක්.. | Ceylon Electric Bord Spacial Notice