විදේශ මුදල් සම්බන්ධයෙන් මහ බැංකුව ගත් විශේෂ තීරණය..

Central Bank of Sri Lanka Sri Lanka
By krishani Jun 27, 2022 05:29 AM GMT
Report

විදේශ ව්‍යවහාර මුදල් සන්තකයේ තබා ගැනීමේ සීමාවන්, නියමයන් හා කොන්දේසි සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා මහබැංකුව පියවර ගෙන ඇත.

මහජනතාව සතු විදේශ ව්‍යවහාර මුදල් විධිමත් බැංකු පද්ධතියට ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් මුදල් අමාත්‍යවරයා විසින් 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 8 වන වගන්තිය යටතේ නියමයන් පහත පරිදි නිකුත් කර ඇති බව මහ බැංකුව ප්‍රකාශ කරයි.

1- ශ්‍රී ලංකාවේ සිටින හෝ නේවාසික පුද්ගලයෙකුට තම සන්තකයේ රඳවා තබා ගත හැකි විදේශ ව්‍යවහාර මුදල් ප්‍රමාණය ඇ.එ.ජ. ඩොලර් 15,000 සිට ඇ.එ.ජ. ඩොලර් 10,000 හෝ ඊට සමාන වෙනත් විදේශ විනිමය ප්‍රමාණයක් දක්වා අඩු කිරීම.

2- පහත සඳහන් දෑ සඳහා, ශ්‍රී ලංකාවේ සිටින හෝ නේවාසික පුද්ගලයන් සඳහා, නියමය බලාත්මක වන දිනයේ සිට (2022 ජූනි 16) වැඩ කරන දින 14 ක පොදු සමා කාලයක් ලබා දීම.

i.නියමයේ දක්වා ඇති පරිදි, පුද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමකට හෝ ව්‍යාපාරික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමකට තැන්පත් කිරීමට හෝ

ii.බලයලත් වෙළෙන්දෙකුට (බලපත්‍රලාභී වාණිජ බැංකුවකට හෝ ජාතික ඉතිරි කිරීමේ බැංකුවට) විකිණිමට එකී පොදු සමා කාලය අවසානයේ දී මෙම නියමය උල්ලංඝනය කරමින් තමා සන්තකයේ විදේශ ව්‍යවහාර මුදල් තබා ගන්නා පුද්ගලයන්ට එරෙහිව විදේශ විනිමය පනතේ විධිවිධාන ප්‍රකාරව ක්‍රියාමාර්ග ආරම්භ කිරීමේ අයිතිය ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පවතින බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයක සදහන් වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join