නව මහ බැංකු අධිපති සහ මුදල් ලේකම් පත් කෙරේ..!

sri lanka central bank gotabhaya Rajapaksha Nandha lala Weerasinghe Siriwardhana
By Sewvandhi Apr 07, 2022 03:09 PM GMT
Report

ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස කේ.එම්.එම්. සිරිවර්ධන පත් කර තිබෙනවා. අදාළ පත්වීම් ලිපි අද (07) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් භාර දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

මූල්‍ය ක්ෂේත්‍රයේ හසළ අත්දැකීමක් ඇති ආචාර්ය වීරසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂ, ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂ, සහකාර අධිපති සහ ‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති යන ධුර හොබවා තිබෙනවා.

නන්දලාල් වීරසිංහ මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ, ආර්ථික විද්‍යා පශ්චාත් උපාධිය සඳහා බාහිර කථිකාචාර්යවරයෙකු සහ මැලේසියාවේ සියසන් මධ්‍යස්ථානයේ බාහිර පර්යේෂණ අර්ථ ශාස්ත්‍රඥයෙකු ලෙස ද කටයුතු කර තිබෙනවා.

නන්දලාල් වීරසිංහ මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ, ආර්ථික විද්‍යා පශ්චාත් උපාධිය සඳහා බාහිර කථිකාචාර්යවරයෙකු සහ මැලේසියාවේ සියසන් මධ්‍යස්ථානයේ බාහිර පර්යේෂණ අර්ථ ශාස්ත්‍රඥයෙකු ලෙස ද කටයුතු කර තිබෙනවා.

ඔහු ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයේ  ක්‍රෝෆර්ඩ් හි මහජන ප්‍රතිපත්ති  හා ව්‍යවහාරික සාර්ව ආර්ථික විශ්ලේෂණ මධ්‍යස්ථානයේ උපදේශක මණ්ඩලයේ සාමාජිකයෙකු ද වනවා.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසට පත්වූ කේ.එම්.එම්. සිරිවර්ධන මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය සහ භූතානය යන රටවල් සඳහා විකල්ප විධායක අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළා.

මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසත් ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසත් ඒ මහතා කටයුතු කර තිබෙනවා.

සිරිවර්ධන මහතා සාර්ව ආර්ථික කළමනාකරණය, සාර්ව ආර්ථික පුරෝකථනය, මුදල් ප්‍රතිපත්තිය, මහ බැංකුකරණය, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, රාජ්‍ය ණය කළමනාකරණය, මූල්‍ය වැඩසටහන්කරණය ඇතුළු ක්ෂේත්‍ර ගනණාවක් පිළිබඳ ජාත්‍යන්තර පුහුණුව ලබාතිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now