මහ බැංකු අධිපති ලෙස වැඩ කරන කාලය ගැන ආචාර්ය නන්දලාල් වීරසිංහයන්ගෙන් විශේෂ ප්‍රකාශයක්..!

Central Bank of Sri Lanka Nandalal Weerasinghe Sri Lanka Economic Crisis Sri Lanka Sri Lankan political crisis
By Sewvandhi Jun 17, 2022 12:16 PM GMT
Report

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මහ බැංකු අධිපතිවරයා ලෙස සම්පුර්ණ වසර හයක ධුර කාලය සේවය කිරීමට කැමති බව බී.බී.සී පුවත් සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවේය.

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ඉවත් වීමෙන් පසු පුරප්පාඩු වූ මහ බැංකු අධිපති ධුරය සඳහා පත් කෙරුණි. 

 කබ්රාල් මහතාගේ ඉතිරි ධුර කාලය සඳහා ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පත්වීම ලැබුවේය.ශ්‍රී ලංකා මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පුර්ණ වසර හයක ධුර කාලයක් සඳහා නැවත පත් කරන බවට තවමත් ස්ථිර කර නොමැති බව බී.බී.සී පුවත් සේවය ප්‍රකාශ කළේය.

"මම මහබැංකු අධිපති ධුරය භාර ගනිද්දී බලාපොරොත්තු වුණේ නැහැ මාස දෙකක් වැඩකරලා අයින් වෙලා යන්න.එහෙම දෙයක් වෙනවා කියලා දැනගත්තා නම් මම තනතුර භාරගන්නේ නැහැ.මෙම ආර්ථික අර්බුදය මාස දෙකක් ඇතුළත විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමේ.මේ ආර්ථික අර්බුදය යහපත් අතට හැරෙන්න කලින් නරක අතට හැරේවි.මම දිගටම වැඩකටයුතු කරගෙන යාමට කැමැත්ත ප්‍රකාශ කරලා තියෙන්නේ"ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා බී.බී.සී පුවත් සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවේදී ප්‍රකාශ කලා 

 ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ධුරයෙන් ඉවත් නොකරන ලෙස මහබැංකු හිටපු කාර්ය මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක්ද ඉදිරිපත් කර ඇති බව බී.බී.සී පුවත් සේවය වාර්තා කළේය.ශ්‍රී ලංකාවට මෙම වසරේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළුව ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 5 ක මුදලක් බලාපොරොත්තු වන බව ප්‍රකාශ කළේය.

"ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මීට පෙර ලබා ගත්තානම් සහ වසරකට පෙර බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළා නම් ශ්‍රී ලංකාවට පීඩාකාරී තත්ත්වයකට මුහුණ නොදී ආර්ථික අර්බුදය කළමණාකරණය කර ගැනීමට හැකියාව තිබුණා"යැයි ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය. 

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now