සිමෙන්ති මිල දැනෙන ගාණකින් වැඩි වෙයි..? වැට් භීතිකාව ගැන ඇහෙන අලුත්ම පුවත..

Cement Price in Sri Lanka Economy of Sri Lanka Businessman Income Tax Department Value Added Tax​ (VAT)
By Sewvandhi Jan 06, 2024 02:57 PM GMT
Report

ජාතික ඉදිකිරීම් සේවක සංගමය පවසන්නේ, යළිත් වරක් රුපියල් 300කට වඩා වැඩි මුදලකින් සිමෙන්ති කොට්ටයක මිල ඉහළ දමා ඇති බවයි.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වර්ධනයක් පෙන්නුම් කිරීමට ආරම්භවීමත් සමග එලෙස මිල ඉහළ දැමීම බරපතළ තත්ත්වයක් බවයි, එම සංගමය පෙන්වා දෙන්නේ.

අද (06) මේ සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වු ජාතික ඉදිකිරීම් සංගමයේ ලේකම් සුපුන් අබේසේකර මහතා,

"ඉදිකිරීම් කේෂ්ත්‍රය කඩා වැටුණු ක්ෂේත්‍රයක්. අපේ බලපෑමත් එකක් යම් කිසි ප්‍රමාණයකින් සිමෙන්ති අඩුවෙලා තිබුණා. හැබැයි නැවතත් පිබිඳීමක් ඇතිවේගන එනකොටම රුපියල් 320කින් සිමෙන්ති කොට්ටයක මිල වැඩිකරලා තියෙනවා. මේක ඇත්තටම අසාධාරණන ක්‍රියාවලියක්. ජනවාරි පළමු වැනිදා ලබනකොටම මිනිස්සු තුළ ඇති කළා සියයට 18ක වැට් භීතිකාවක්.

මේ භීතිකාවත් එකක් මේ ක්ෂේත්‍රයේ ඉන්න නිෂ්පාදකයෝ මේක විශේෂයෙන් වැඩිවෙන්න බලපෑම් කළා." "ක්ෂේත්‍රයේ අමුද්‍රව්‍ය නිකුත් කිරීම නැවැත්තුවා එතකොය ක්ෂේත්‍රයේ අමුද්‍රව්‍යවල හිඟයක් ඇති වුණා. 3% කින් වැඩිවෙන්න ඕනේ අමුද්‍රව්‍ය මිල 18%කින් වැඩිකරලා තියෙනවා. මේක කොයි තරම් අසාධාරණද?"

මේ අතර රුපියල් 2450 වැනි මිලකට වෙළෙපොළේ සිමෙන්ති කොට්ටයක් අලෙවිකරණ බව ගොඩනැගිලි ද්‍රව්‍ය ව්‍යාපාරිකයින් සඳහන් කළේය.

Sponsored By Sarrita Jewellery

රත්තරන් කොච්චර ගණන් ඉස්සුවත් - අඩුම ගානට රනින් බැබලෙන්න මෙන්න හොදම තැන