ගමක්ම උඩුයටිකුරු කරමින් මහ වැස්සත් සමඟ සුළි සුළඟක් - ගස් ගල් පෙරලමින් වහලවල් ගලවා යයි..(VIDEO)

Sri Lanka Climate Change Weather
By Sewvandhi Apr 24, 2023 12:59 PM GMT
Report

ගල්ගමුව නගරයේ පහල ගල්ගමුව ප්‍රදේශයට අද සවස 4.30 ට පමණ වර්ෂාවත් සමඟ පැමිනි සුළි සුළගක් නිසා ප්‍රදේශයේ ගොඩනැගිලි හා පොදු දේපල රැසක් විනාශයට පත්ව ඇති බව වාර්තා වනවා.

මෙහිදී අධික වර්ෂාවත් සමග, විදුලි කෙටීමත් සමග අකුණු තත්වයක් ඇති වි ඇති අතර විශාල ප්‍රමාණයේ මාර ගසක් අකුණු සැර වැදීමෙන් විනාශව ගොස් ඇති අතර ගස් පෙරලීම නිසා මාර්ගවලට සහ බෝක්කුවලට දැඩි හානි සිදු වී තිබෙනවා.

ගල්ගමුව ප්‍රාදේශිය ලේකම්තුමන්ගෙන් කල විමසීමක දී ඔහු පැවසුවේ හානියට පත් පොදු දේපළ ඉතා ඉක්මනින් යථා තත්වයට අපත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවත් මහජනතාවගේ විනාශ වී ඇති දේපල පිළිබදව තොරතුරු රැස් කර කඩිනමින් වන්දි ලබා දීමට කටයුතු කරන බවයි.

එම වීඩියෝව පහතින්..