ඉහළින්ම වැජඹෙන, ජනප්‍රිය TikTok තාරකාවක් ජීවන කතරට සමු දෙයි.. (PHOTOS)

TikTok Death Social Media Latest Headlines
By krishani Mar 01, 2024 10:10 AM GMT
Report

අමෙරිකානු ගායිකාවක් වන කැතරින් ජැනිස් ඉප්සාන් මියගොස් තිබෙනවා.

ඉහළින්ම වැජඹෙන, ජනප්‍රිය TikTok තාරකාවක් ජීවන කතරට සමු දෙයි.. (PHOTOS) | Catherine Janice Ipson Passed Away

ඇය TikTok සමාජ මාධ්‍යයෙහි ජනප්‍රියව සිටියේ Cat Janice යන අන්වර්ථ නාමයෙන් ය.

මෙසේ ඇය මියගොස් ඇත්තේ දුර්ලභ රෝගයක් වන "sarcoma" නම් අස්ථි හෝ මෘදු පටක වල ඇතිවන පිළිකා තත්ත්වයක් හේතුවෙන් ය.

ඇය මිය යන විට 31 වන වියේ පසු විය.

ඉහළින්ම වැජඹෙන, ජනප්‍රිය TikTok තාරකාවක් ජීවන කතරට සමු දෙයි.. (PHOTOS) | Catherine Janice Ipson Passed Away

Cat Janice සිය ගීතවල අයිතිය ඇගේ හත් හැවිරිදි පුත් ලෝරෙන්ට පවරා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

කෙසේ වෙතත්, ඇයගේ ගීත අතර අතිශය ජනප්‍රිය ගීතයක් වන Dance Outta My Head නම් ගීතය මාස 2ක් වැනි කෙටි කාලයක දී අන්තර්ජාලය තුළ මිලියන 57ක නැරඹුම් වාර සටහන් කළේ ය.