අනියම් පෙමක් මදිවට තවත් පෙමක පැටලිලා - අවසානයේ තිදරු මවගේ ගෙල කපා ඝාතනය කළ ඛේදනීය කතාව..

murder Sri Lanka Akmeemana casual love Niyagama
By Sewvandhi Apr 06, 2022 08:10 AM GMT
Report

අක්මීමන නියාගම ජනපදයේ පදිංචි තිදරු මවකගේ ගෙල මන්නා පිහියකින් කපා ඝාතනය කොට ඇති බව අක්මීමන පොලිසිය පවසයි. රාත්‍රි 7.00ට පමණ මෙකී කාන්තාවගේ අනියම් පුරුෂයා විසින් මෙම ඝාතනය සිදුකොට ඇති බවට අනාවරණය වී ඇති බවද පොලිසිය පවසයි.

ඝාතනය කොට ඇත්තේ අක්මීමන නියාගම ජනපදයේ පදිංචි යක්ගහරුහුණගේ ස්වර්ණලතා (58) නැමැති වැන්දඹු කාන්තාවකි.  ඇයගේ සැමියා මිය යාමෙන් පසු වසර 15ක පමණ කාලයක සිට සැකකරු මෙම කාන්තාව සමග අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.  මෙකී ඝාතනයට සම්බන්ධ සැකකරු 65 හැවිරිදි වියේ පසුවන පස්දරු පියෙකි.

ඝාතනයට ලක්වූ කාන්තාව 20 හැවිරිදි වියේ පසුවන අවිවාහක පුතු සමග නිවසේ පදිංචිවි සිට ඇත. ඇය වෙනත් අයෙකු සමග සම්බන්ධතාවක් පවත්වන බවට සැකකරුට සැකයක් ඇතිවී ඇති අතර දෙදෙනා අතර ගැටුම්ද තිබූ බව පොලිසිය පවසයි.  සැකකරු මෙයට දින කිහිපයකට පමණ ඉහතදී මෙකී කාන්තාවගේ නිවසට පැමිණ ඇයගේ පුතාටද මේ බව පවසා ඇත. එහිදී දෙදෙනා අතර බහින්බස් වීමක්ද ඇතිවී තිබෙන බැව් පොලිසිය පවසයි. 

එදින රාත්‍රි 7.00ට පමණ සැකකරු මෙකී කාන්තාවගේ නිවසට පැමිණ ඇත. එම අවස්ථාවේ ඇයගේ පුතු අසල්වැසි නිවසට ගොස් සිට ඇති අතර සැකකරු මන්නා පිහියකින් කාන්තාවගේ ගෙල කපා ඇය ඝාතනය කොට ඇත.

සැකකරුගේ පාවහන් යුගලය හා විදුලි පන්දම එම ස්ථානයේ තිබී පොලිසිය මඟින් සොයාගෙන ඇත. කාන්තාව ඝාතනය කිරීමෙන් පසු සැකකරු තම නිවස වෙත ගොස් ‘‘අර ගෑනිව මැරුවා…’’ යැයි තම නීත්‍යානුකූල බිරිඳට පවසා අසල ඇති කැළයකට ගොස් ඇති බව පොලිසිය පවසයි. 

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ ආරම්භ කොට ඇත. මියගිය කාන්තාවගේ මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබිණි. අක්මීමන පොලිසිය මෙකී ඝාතනය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ පවත්වයි. (දිවයින)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now