කැසිනෝ ශාලාවක ගින්නකින් 10ක් ජීවිතක්ෂයට..!

Thailand
By Sewvandhi Dec 29, 2022 07:00 AM GMT
Report

කැසීනෝ ශාලාවක ඇතිවූ ගින්නකින් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබේ.ඒ, කාම්බෝජ - තායිලන්ත දේශසීමාව ආසන්නයේ පිහිටි හෝටලයක පැවති  කැසිනෝ ශාලාවක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඊයේ (28) රාත්‍රී 10ට පමණ ඇතිවූ එම ගින්නෙන් කැසීනෝ ශාලාවට දැඩි ලෙස හානි වී තිබුණි. ගින්න හටගන්නා විට එම ගොඩනැගිල්ලේ 40 දෙනෙක් පමණ සිටි බව වාර්තා කරනවා.

ගින්න හටගැනීමෙන් පසු එහි සිටි සමහරු එම ගොඩනැගිල්ලෙන් පනින අයුරු දැක්වෙන වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙයි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now