සීනි අගුණ අයට ගුණ කේක් රෙසිපියක්.
Healthy Food Recipes
Diabetes
By Wayomi
සීනි අගුණ අයට හිතකර අඩු සීනි කේක් රෙසිපියක් කියලා දෙන්නයි මේ හදාන්නේ. මේ Carrot Cake.
අවශ්‍ය ද්‍රව්‍ය
? ආමන්ඩ් පිටි කෝප්ප 1
? ලුණු ස්වල්පයක්
? බේකින් සෝඩා තේහැඳි 1/2
? කුරුඳු කුඩු තේහැඳි 1
? සාදික්කා කුඩු තේහැඳි 1/2
? එනසාල් කුඩු පින්චක්
? බිත්තර 3
? මේපල් සිරප් කෝප්ප 1/4
? ඔලිව්තෙල් මේසහැඳි 2
? ග්‍රේට්කරගත් කැරට් කෝප්ප 1 1/2
? රටඉඳි කෝප්ප 1
? චොප්කරගත් කජු හෝ රටකජු ස්වල්පයක්
සාදාගන්න ආකාරය
? බෝල් එකකට ආමන්ඩ් පිටි, ලුණු, සාදික්කා, බේකින් සෝඩා හා එනසාල් කුඩු දාලා කලවම් කරගන්න.
? වෙනම බෝල් එකකට බිත්තර, මේපල් සිරප් හා ඔලිව්තෙල් දාලා බීට් කරගන්න.
? මේකට කැරට් හා චොප්කරගත් රටඉඳි ටිකත් දාගන්න.
? හොඳට බීට් කරලා පිටි මිශ්‍රණය දාලා කලවම් කරගන්න.
? මේකට චොප්කරගත් කජු හෝ රටකජු ටිකත් දාලා පොඩි ට්‍රේ එකකට දාලා සෙල්සියස් අංශක 180ට විනාඩි 40ක් බේක් කරගන්න.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |