අගමැති කාර්යාලය ඉදිරිපිට හදිසියේම මෝටර් රථයක් ගිනිගනී (VIDEO)
Sri Lanka
Accident
By Sewvandhi
අගමැති කාර්යාලය ඉදිරිපිට, ඇති අවන්හලක් අසල නවතා තිබූ මෝටර් රථයක් හදිසියේ ගිනිගෙන තිබේ.
අද (31) දහවල් කාලයේදී එම ගින්න හට ගෙන ඇති අතර මෝටර් රථය පණ ගැන්වීමට යාමේදී එම මෝටර් රථය ගිනිගෙන ඇති බව වාර්තාකරු පැවසීය.
එම ගින්නෙන් අදාළ මෝටර් රථයේ ඇති ඉදිරිපස කොටස ගිනිගෙන වීනාශ වී ඇත. අගමැති කාර්යාලයේ ආරක්ෂ අංශ මැදිහත්වීමෙන් කොළඹ නගර සභාවේ ගිනිනිවීමේ රථ දෙකක් උපයෝගි කරගෙන ගින්න මැඩපවත්වා තිබේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව වාර්තාකරු පැවසීය.
(වීඩියෝ අයිතිය - අද දෙරණ)
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |